යන යන තැන පොල් ගෙඩි ඇඟට වැටෙනා කාන්තාව

දැනටමත් පොල් ගෙඩි 44ක් ඇඟට වැටිලා

යන යන තැන පොල් වැටෙනා කාන්තාවක් පිළිබඳව පසුගිය දින වල පුවත්පත් මඟින් වාර්තා කර තිබුනා.

1988 වසරේ බිංගිරිය බටහිර කිනියගම උපතලද එච්.එම් නිලූපා සංජීවනී නම් වන ඇය නිවසේ වූ අගහිඟකම් නිසා හැදී වැඩුනේ අසල පිහිටි වෙලගෙදර ධම්ම ශ්‍රී මෙහෙණි ආරාමයේය.

වයස අවුරුදු 12 පමණ වන විට ආරාමයේ වූ පොල් ගසක ගෙඩියක් ඇගේ උරහිස මත වැදී අස්ථියක් බිඳී ප්‍රතිකාර කිරීමෙන් පසුව සුවපත්වී තිබෙනවා. ඉන් සතියකට පසුව තවත් පොල් ගෙඩියක් මේ ආකාරයටම උරහිසට වැටී තිබෙනවා.


දිගින් දිගටම මෙලෙස සංජීවනීගේ ඇඟට පොල් ගෙඩි වැටීම ඔවුන්ට විසඳාගත නොහැකි ප්‍රශ්නයක් වී තිබෙන්නේ ඉන් අනතුරුවයි. මේ පිලිබඳ අදහස් දක්වමින් වැලිගම අද්දරවෙල ශ්‍රී සංඝමිත්තාරාමධිපති සුධර්මා ඛේමනි මෙහෙණින් වහන්සේ පවසන්නේ මෙලෙසින්.

"මුල්ම පොල් ගෙඩිය වැටෙනකොට අපි හිතුවේ ඒක සාමන්‍යය දෙයක් කියලයි. එත් ඊට පස්සේ එකදිගට පොල් වැටෙන්න පටන් ගත්ත. අපි කලබල උනේ එතකොටයි.

මේක අද්භූත දෙයක් කියල අපට හිතුනා. පොල් වැටීම් වලින් ඇතිවන තැලීම් වලට අනිත්පත්තෙන් කල හැකි සියලු දෙ කළා. ආගමික කටයුතු, තොවිල්, ආරක්ෂා දැමීම ඒ සියලු දෙ කළා. සුරයක් දාගෙන ආවම ටික දවසකින් නුලත් එක්කම සුරය නැති වෙනවා. සාත්තර බලපු තැන වලින් කිව්වා පෙර ආත්මයක කල බලවත් අකුසලකර්මයක් පල දෙන බවත් මෙයට පෙර ආත්ම දෙකකදීම මැය මේ ආකාරයටම මිය ගිහිල්ල කියල. මේ ආත්මයේ ඇය මෙතෙක් කල් ජිවත් වෙන්නේ ආගමික සෙවනක සිටින නිසා බවත් ඉදිරියේදී මාරක අපල ඇති බවත් කියවුනා.

අපි මොනතරම් උත්සාහ කලත් ඇයට පොල් වැටෙන එක නවත්වන්න බැරි වුනා. හිටපු ගමන් අවුරුද්දක් එකහමාරක් විතර පොල් නොවැටී තොයෙනවා. අපි සතුටු වෙනවා ඒ වෙලාවට දැන් ප්‍රශ්නය ඉවරයි කියල. ආයෙම එක පාරට වැටෙන්න පටන් ගන්නවා. මේ විදියට අපේ සියලු උත්සාහයන් අසාර්ථක වෙලා පොල් ගෙඩි 31ක් වැටුනට පස්සේ අපි මෙහෙණින් වහන්සේලා සිව් නමක් එකතුවෙලා සාකච්චා කරලා අපි තීරණය කළා මේ දැරිවියගේ ජීවිතය බේරාගැනීමට නම් බින්ගිරිය ප්‍රදේශයේ ජිවත් වීම නතරකරන්න ඕන කියල.

ඒ අනුව මම මේ දරිවිව කැටුව වැලිගම අද්දරවෙලා තියෙන අපේ ශ්‍රී සංඝමිත්තාරාමයට පැමිණියා. අපි හරි සතුටින් හිටියා දන් කරදර ඉවරයි කියල. එත් වැඩි දවසක් එහෙම ඉන්න උනේ නැහැ. නොවැම්බර් පස් වෙනිදා මිදුල අතුගානකොට එතන තියෙන පොල් ගහෙන් පොල් ගෙඩියක් ඔලුවටම වැටුනා. ඇයට සිහිය නැති උනා. පලවෙනි වතාවටයි ඒ පොල් ගෙඩියක් ඔලුව උඩටම වැටුනේ. මාතර රෝහලට ඇතුලත් කරලා දවස් පහක් ප්‍රතිකාර කළා.

ආපහු ආරාමයට ඇවිත් දින තුනකින් ආපහු ආරාමයට අඩි පහළොවක් විතර තියෙන පොල් ගහකින් ආරාමයේ පඩිය උඩ ඉඳිද්දී පොල් ගෙඩියක් ඔලුවටම වැටුනා. එක ආපු විදිය හිතා ගන්නත් බැහැ. බින්ගිරියේදී 41 යි. වැලිගමදී 3 යි. මේ වෙනකොට පොල්ගෙඩි 44 ක් වැටිලා තියෙනවා.

දැන්නම් අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ. අපේම දරුවෙක් වගේ පුංචි ගාව ඉදන් හදුනා මේ දරිවිගේ ජිවිතේ බේරගන්න දන්නා කියන හැමෝම කියන දෙ කළා. දැන් වියදම් කරන්න අපිට මුදල් ඇත්තෙත් නැහැ.මේ අසරණ දරිවිගේ ජීවිතය බේරගන්න කව්රුහරි පින්වතෙක් මැදිහත්වෙලා උදවු කරන්න.
"

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ නිලුපා සංජිවනි පවසන්නේ මෙවන් කතාවකි.

"මම දන් හරිම බයෙන් ජිවත් වෙන්නේ. කොයි වෙලාවේ හරි ලොකු අනතුරකට මුහුණ පාන්න වෙයි කියන බයෙන් තමයි ඉන්න වෙලා තියෙන්නේ. මට හිතාගන්න බහ අයි මට විතරක් මෙහෙම වෙන්නේ කියලා. හරියට කව්රුහරි පොල් ගෙඩි වලින් ගහනව වගේ තමයි පොල් ගෙඩි වැටෙන්නේ.

හැබැයි කවුරුත් පෙන්නනම් නැහැ. පොල් ගහක් ලගින් තියා අතින් යනකොටත් පොල් ගෙඩි වැටෙන නිසා බයේ මේ දිනවල ආරාමයට වෙලයි කල් ගෙවන්නේ. පුංචි කාලෙම අම්ම තාත්ත අහිමිවුණා. අද ජිවත් වෙන්නේ මෑනිවරු හින්දයි. ඒ අයත් මගේ ප්‍රශ්නය නිසා ගොඩක් දුක් විදිනවා.

ඒ වගේම සල්ලිත් ගොඩක් වියදම් කරනවා. පොල් ගෙඩියක් වැටෙන වැටෙන සැරේට මාව ගෙන්හිල්ල ආරක්ෂාවක් කරනවා. අන්තිමට පොල් ගෙඩිය වැටුන වෙලෙත් මාව ගෙනෙහිල්ල පන්සලකට ගෙනිහිල්ල සුරයක් දැම්ම. නුලක් සමග සුරේ බෑග් එකක දාල හොදට වහල ගෙනාවේ. ආරාමයට ගෙනල්ල බෑග් එක ඇරලා බැලුවම සුරය නැහැ.

මේ ප්‍රශ්නේ හින්දද මන්ද හැමදාම රෑට හීනෙන් බය වෙලා ඇහැරෙනවා. මගේ වයසේ අනිත් ළමයි සතුටින් ජීවත්වෙන හැටි දැක්කම මට හරියට දුක හිතෙනවා. මේ ප්‍රශ්නේ නිසා අටවෙනි ශ්‍රේණියෙන් මගේ ඉගෙනීම නතර කරන්නත් සිදුවුනා.මට දැන් ඕන වෙලා තියෙන්නේ මට මෙහෙම භයානක ඉරණමක් ඇතිවෙලා තියෙන්නේ ඇයි කියල දැනගන්නත් එක වලක්වන්නේ කොහමද කියලත් දැනගන්න විතරයි
."

මේ පිළිබඳව සුප්‍රකට මනෝ මනෝ වෛද්‍යවරයෙකු වන ඩී.ජේ.වී හරිස්චන්ද්‍ර මහතා පවසන්නේ මෙවැන්නක්.

"මේක කිසිසේත්ම අමනුෂ්‍ය බලපෑමක් නිසා ඇතිවන දෙයක් නෙමෙයි. මෙට මෙයට පෙරත් මෙවැනි තරුණියක් ගාල්ල ප්‍රදේශයෙන් හමුවුනා. ඇය ඉන්න ප්‍රදේශයට නිතරම ගස් වැටෙනවා. බේරෙන්න බැරි තැන ඇය රත්නපුර ප්‍රදේශයට ගෙනහින් තියෙනවා. එතනදිත් ගස් වැටෙන්න පටන්ගෙන තිබෙනවා.

අවසානයේ මා ලගට පැමිණි දැරිවිය මා සුවපත් කළා. මේක රෝගී තත්වයක් කියල කියන්න බැහැ. මිනිස් මනස ඔබ හිතනවාට වඩා ඉතා ගැඹුරුයි බල සම්පන්නයි. ඒ මිනිස් මනසේ බලපෑම තුලින් භෞතික ලෝකයේ බලපෑම් කිරීමට හැකියි. මේ හැකියාව වෛද්‍යවිද්යාවේදී Psyphenomenon කියල හඳුන්වනවා.

ඊට පෙර බුදුන්වහන්සේ මේ පිළිබඳව පංච අභිඥාහි, ඉද්ධවධ යටතේ විස්තර කරලා තියනවා. බොහෝ විට තරුණ කාන්තාවන් ආශ්‍රිතව මෙවැනිදේ සිදුවෙනවා.

බටහිර රටවල මෙවැනිදේ වීඩියෝ ගතකරලා තියනවා අල්මාරි එහා මෙහා ගමන් කරනවා, පිඟන් කෝප්ප පාවෙලා ගිහින් වැටෙනවා. මේවා යටිහිතේ බලයෙන් සිදුවන අපූර්ව ක්‍රියාවන්.

ලංකාවේ මෙවැනි සිද්ධි ඇතිවෙනකොට ඒවා ගෙවල පෙරේතයින්ගේ ගිණුමට බැර වෙනවා. අතීතයේ මිනිසුන් මේ ශක්තිය ප්‍රගුන කරලා තමන්ට අවශ්‍ය විදිහට පාලනය කළා කියලා කියවෙනවා. මේ දැරිවිට පොල් වැටීමත් මේ විදිහටම සිදුවන දෙයක්.

දැන් ඔබ මගෙන් අසාවි කෙනෙකුගේ මානසිකශක්තිය ඒ පුද්ගලයාම විනාශ කිරීමට බලපානවාද කියල. මේකත් විග්‍රහ කරන්න වෙන්නේ බුදුදහමත් සමඟයි. තමන් කළ කර්මයට විපාක දෙන්නේ තමාගේ හිතමයි. ඒ අනුව මමම මට මම නොදැනීම දඬුවම් කරගන්නවා. මේ දැරිවිට සිදුවෙලා තියෙන්නෙත් ඒකමයි. මේක මානසික බලවේගයක් නිසා මෙය නැතිකරගන්නත් මානසික බලවේගයක්ම යොදාගතයුතුයි. එය මෝහනය මඟින් ඉටුකරගත හැකියි."


මේ පිළිබඳව වීඩියෝව පහතින්.



Related Posts Plugin for WordPress, Blogger...