අමරදේවගේ ප්‍රසංගයේ බිරිඳට කුඩම්මාගේ සැලකිලි

හෙළයේ මහා ගාන්ධර්වයා වන අමරදේවයන්ගේ 85 වැනි ජන්මදිනය යෙදී තිබුනේ පසුගිය 05 වැනිදාටය.

එදින ඔහුගේ බිරිඳ වන විමලා අම්‍රදේව මහත්මියගේ උපන්දිනයද යෙදී තිබුණි.

අමරදේවයන්ගේ 85 වැනි ජන්ම දිනයට සමගාමීව ඔහුට උපහාර වශයෙන් "අමරදේව" නමින් සුවිශේෂී ප්‍රසංගයක් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුණි.

නමුත් අමරදේවයන්ට උපහාර පිණිස පැවැත්වූ ප්‍රසංගයේදී කටුක අත්දැකීමක් විඳීමට ඔහුගේ ප්‍රියාදර බිරිඳ වන විමලා අමරදේවයන්ට සිදුවිය.


ඒ කිසිවක් නොව ඇයට ප්‍රසංගයේදී වාඩි වීමට අසුනක් වෙන් කිරීමට සංවිධායකයන්ට අමතක වීමය.

හෙළයේ ගාන්ධර්වයා ලෙස සිය සැමියා හැඳින්වුවද ඔහුගේ ප්‍රසංගයේදී තමට අසුනක් අහිමිවීම ගැන ඇයට ඇතිවූන් හැඟීම කෙබඳුදැයි සිතාබැලීම ඔබට බාරය.

කෙසේ වෙතත් අමරදේව මහත්මියට අසුන් ගැනීමට ස්ථානයක් සොයාදෙන්නට ශාලාවේ සිටි ප්‍රේක්ෂයන්ගෙන් ඉල්ලීමක් කිරීමට සංවිධායකයන් ඒ මේ අත සැරිසරනු ලැබීය

එහෙත් ප්‍රවේශපත් ලෙස විකිණී තිබුණු හා ප්‍රභූන්ට වෙන් කළ අසුන් කිසිවක් ඇය වෙනුවෙන් ලබාදීමට සංවිධායකයෝ අපෝසත් විය.

අවසානයේ ඇයට ලැබුනේ වේදිකාව ආසන්නයේම පවතින ප්‍රසංගය නැරඹීමට පවා අපහසු ස්ථානයක පිහිටි අසුනකි.

අමරදේවයන් ඇගයීම් පිණිස ප්‍රසංගයක් සංවිධානය් කිරීම අගය කළ යුතු කටයුත්තක් වුවද අමරදේව මහත්මිය අමතක කර දමන්නට සංවිධායක්යන් නොසැලකිලිමත් වීම කණගාටුවට කරුණකි. මෙය සංවිධානය කර තිබුනේ සුධර්ම නෙත්ති කුමාර විසිනි

Related Posts Plugin for WordPress, Blogger...