තවත් පිවිතුරු ආදරයක්

ශ්‍රී ලංකාවේ මේ දිනවල, සනා - මලීකා, යසීන් - නදීශා, ජොනි - සමිතා , කුමාර - නයනා වැනි පරම පිවිතුරු ආදර අන්දර නිතර ඇසෙන අතර එවැනිම තවත් පිවිතුරු ආදරයක් පිලිබඳ කතාවක් හොලිවුඩ් පුරයෙන් අපට වාර්තාවේ.

තරුණයන් අතර වඩාත් ප්‍රසිද්ධ "Play Boy" සඟරාවේ හිමිකරුවන 86 වියැති Hugh Hefner නැවත වරක් ලොස්ඇන්ජලිස් නගරයේදී විවාහ විය. එලෙස ඔහු විවහ වුයේ ක්‍රිස්ටල් හැරිස් නම් 26 වියැති තරුණියක් සමගයි.


ඇයද මීට පෙර "Play Boy" සඟරාවේ නිරුපිකාවක් ලෙස පෙනී සිට තිබේ. කෙසේ වෙතත් මේ දෙදෙනාගේ වයස් පරතරය අවුරුදු 60ක් පමණ වන බැවින් සීයා කෙනෙකු තම මිණිබිරියට දක්වන තරම් ආදරයක් සෙනෙහසක් Hugh විසින් ක්‍රිස්ටල්ට දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු .

මීට පෙරද Hugh , කරිස්සා සහ ක්‍රිස්ටිනා නම් විසිවන වියෙහි පසුවන නිවුන් සහෝදරියන් දෙදෙනෙකු සමග දිවිගෙවන ලදී. Hugh Hefner ගේ ශුද්ධ වත්කම් වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන හාරසියයක් පමණ වනබව වාර්තාවේ.


නව යුවළගේ ජායාරූප පහතින්.




නවතම බිරිඳ "PLAY BOY" සඟරාවේ පෙනීසිටි අයුරු


ශාන්නොන් නිවුන් සොහොයුරියන් සමග




පසු වදන 
  • ඔබගේ පුතා ඉගෙනීමට කම්මැලිද ? 
ඉගෙනගෙන ධනවත් වීමේ අවශ්‍යතාවය ඔහුට අවබෝධ කරදීම සඳහා මෙම ජායාරූප ඔහුට පෙන්වන්න. 
  • ඔබගේ දුව ඉගෙනීමට කම්මැලිද ?
ඉගෙනගෙන ධනවත් වීමේ අවශ්‍යතාවය ඇයට අවබෝධ කරදීම සඳහා මෙම ජායාරූප ඇයට පෙන්වන්න.


Related Posts Plugin for WordPress, Blogger...