ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුන දීමට සූදානම්ද?

පසුගියදා නිමවූ ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසුව ග්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමග ඕස්ට්‍රේලියානු බිමේදී ටෙස්ට් තරග 3කට, එක්දින තරග 5කට සහ T20 තරග දෙකකට මුහුන දීමට ඕස්ට්‍රේලියාව කරා පියාසර කරනු ලැබුවා.

වෝර්න් මුරලි කුසලානය සදහා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශය ඇත්දැකීම් ඇති ශක්තිමත් පිතිකරුවන් ඇති බව පෙනුනත් පන්දු යැවීමේ අංශයේ යම් යම් අඩුපාඩු ඇති බව කණ්ඩායම දෙස බැලූ විට පැහැදිලි වනවා.


පිතිකරුවන් ලෙස තරංග පරණවිතාන, තිලකරත්න දිල්ශාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර කණ්ඩායමට දායකත්වයන් සපයන අතර තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට කණ්ඩායමට පිතිකරුවෙකු ලෙස තම සම්පූර්ණ දායකත්වය සපයනවා... තවද කඩුලු රකින ප්‍රසන්න ජයවර්ධන ද වේග පන්දු තණතීරුවලදී ඉතා සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා පිතිකරුවන් දෙස බැලූ විට කුමාර් සංගක්කාර පසුගියදා නිම වූ නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී ලකුණු අතර නොසිටි ක්‍රීඩකයෙක් වූ අතර තරංග පරණවිතාන, මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර සාමන්‍ය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරනු ලැබුවා.

ඒ අතර උප නායක ඇන්ජලෝ මැතිව්ස් පමණක් එම තරගාවලියේදී උපරිම රිද්මයේ සිටි ක්‍රීඩකයෙක් ලෙස හැදින්විය හැකී.තවද ආරම්භක පිතිකරු තරංග පරනවිතාන ටෙස්ට් තරග 32ක් මේ වන විට ක්‍රීඩා කලත් තවම කණ්ඩායමට උපරිම සේවයක් කර නොමැති අතර මෙම තරගාවලියේවත් දිනේශ් චන්දිමාල් හෝ දිමුත් කරුනාරත්නට ස්ථානයක් ලබා දේනම් එය ශ්‍රී ලංකා කණ්ඩායමට කරන විශාල ආයෝජනයකි.

අතීතය විමසා බලන විට ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ක්‍රීඩා කල තරග අතුරින් දැනට ක්‍රීඩා කරන පිතිකරුවන්ගෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන ඇත්තේ මහේල ජයවර්ධනයි. ඔහු තරග 13කදී ලකුණු 803 රැස් කරගෙන ඇති අතර ඉනිමකදී සාමන්‍ය ලකුණු 34.91 ලෙස සටහන් වනවා. ඔහුට පසුපසින් පිළිවෙලින් මයික් හසී (සාමන්‍ය- 108.85) සහ කුමාර් සංගක්කාර (සාමාන්‍ය - 42.70) රැදී සිටිනවා. පන්දු යැවීම දෙස සලකා බැලුව හොත් දැනට ක්‍රීඩා කරන පන්දු යවන්නන් අතරින් රංගන හේරත් තරග 5කදී කඩුලු 26ක් ලබා ඉදිරියෙන් සිටිනවා.

පන්දු යැවීමේ අංශය දෙස විමසා බැලුව හොත් ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණියට පන්දු යවන්නන් 5 දෙනෙකු ඇතුලත්ව ඇති අතර එහි ඇති ලොකුම අඩුපාඩුව වන්නේ එම ක්‍රීඩකයන් 5 දෙනාගෙන් එක් අයෙකුවත් තවමත් ටෙස්ට් තරග 20වත් ක්‍රීඩා කර නොමැති බවයි.

වේග පන්දුයවන්නන් ප්‍රධාන ස්ථානයක් ගන්නා ඕස්ට්‍රේලියාවේ තණතීරුවල ඕස්ට්‍රේලියා පිතිකරුවන්ට අප වේග පන්දු බල ඇණියෙන් පීඩනයක් ලබා දිය හැකිද යන්න ප්‍රශ්නයකි. දම්මික ප්‍රසාද්, චානක වෙලගෙදර සහ ශාමින්ද එරංග යන ක්‍රීඩකයින් පසුගිය කාල වකවානුවේ බොහෝ ආබාධ වලට ගොදුරු වූ ක්‍රීඩකයින් වේ.

එම නිසා ඔවුන් පසුගිය වකවානුවේ තරග වලට සහභාගී වුයේ නැති නිසා ඔවුන්ගේ රිද්මය හරියාකාරව තිබෙනවාද යන්න සැකයකි.ශාමින්ද එරංග නවසීලන්තය සමග පැවැත්වූ පලමු තරගයේදී අගනා පන්දු යැවීමක් වාර්තා කලත් 2වන තරගයේදී ඔහුට නවසීලන්ත ක්‍රීඩකයින්ට පීඩනයක් දීමට නොහැකි විය. තවද නුවන් කුලසේකර වැනි මද වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු තණතීරුවල කඩුලු ගැනීමට යම්තාක් දුරකට අපහසු වේ.

තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් වැඩිම පන්දු යවන්නා වන්නේ රංගන හේරත් ය. නමුත් ඕස්ට්‍රේලියානු තණතීරු වලදී දග පන්දු යවන්නන්ගෙන් උපරිමය බලාපොරොත්තු විය නොහැක. එම නිසා ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තමන්ගේ හැකියාවන් උපරිමයෙන් පෙන්වා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහන කරා ගෙන යා යුතුය. එසේම දිනේශ් චන්දිමාල් වැනි වේග පන්දු සහිත තණ තීරුවල දක්ශතා පෙන්වන පිතිකරුවන්ද යොදා ගැනීමෙන් කණ්ඩායමට වාසි ලගා කර ගත හැක.

ඕස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ.

ලබන 14 වෙනිදා ආරම්භ වන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු පළවන ටෙස්ට් තරගය සදහා ඕස්ට්‍රේලියානු සංචිතය මේ වන විට නම් කර තිබෙනවා. 12 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට පිතිකරුවන් 6 දෙනෙක්, 1 කඩුලු රකින්නෙක් සහ පන්දු යවන්නන් 5 දෙනෙක් ඇතුලත් වනවා. 


රිකී පොන්ටින් ගේ සමුගැනීමෙන් පසු ඔහුගේ ස්ථානය සදහා නම් කර ඇත්තේ වමත් ක්‍රීඩක පිලිප් හියුජ් යන ක්‍රීඩකයායි.

වයස අවු.24ක් වන හියුජ් ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් තරග 17 ක්‍රීඩා කර ලකුණු 1072 මේ වන විට රැස් කරගෙන තිබෙනවා.

මයිකල් ක්ලාර්ක් නායකත්වය දරන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායකත්වය දරන්නේ තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන් විසිනුයි. 2012 වර්ශයේදී වැඩිම ටෙස්ට් ලකුණු වලට හිමිහම් කියන නායක මයිකල් ක්ලාර්ක් තරග 9කදී ලකුණු 1358ක් ලබා ගෙන තිබෙනවා. තරගයක සාමාන්‍ය 104.46ක් ලෙස රදවාගෙන සිටන ක්ලාර්ක් මේ වසරේදී පමණක් එක් ත්‍රිත්ව ශතකයක් සහ ද්විත්ව ශතක 2ක් ලබා ගෙන සිටිනවා.

පසුගියදා නිමවූ ද.අප්‍රිකා ඕස්ට්‍රේලියානු තරගාවලියේදී තරග 3කදී ලකුණු 576ක් ලබා ගත් ක්ලාර්ක් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. එම තරගාවලිය පුරාම ලකුණු අතර සිටි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අවසන් තරගයේදී පමණක් යම්තාක් දුරකට අසාර්ථක විය.

ඕස්ට්‍රේලියානු පිලේ පන්දු යැවීමේ අංශය දෙස බැලූ විට නේතන් ලියොන් සහ බෙන් හිල්ෆෙන්හවුස් කඩුලු අතර රැදී සිටිනවා. පීටර් සීඩ්ල් සහ මිචෙල් ස්ටාර්ක් ඔවුන්ගේ සුපුරුදු රිද්මයෙන් පිතිකරුවන්ට පීඩනයක් ඇති කිරීමට හැකි ක්‍රීඩකයන් ලෙස සදහන් කළ හැකී.

ඕස්ට්‍රේලියානු සංචිතය
මයිකල් ක්ලාර්ක්(නායක),ශේන් වොට්සන්(උප නායක),එඩ් කොවන්,බෙන් හිල්ෆෙන්හවුස්,පිලිප් හියුජ්,මයිකල් හසී,මිචෙල් ජොන්සන්,නේතන් ලියොන්,පීටර් සීඩ්ල්,මිචෙල් ස්ටාර්ක්,මැතිව් වේඩ්,ඩේවිඩ් වෝර්නර්

ගොසිප්9 ක්‍රීඩා වාර්තාකරණය - Ash

Related Posts Plugin for WordPress, Blogger...