මව්බිම "දිමුතු ආටිගල" ගණිකාවක් කරයි

මව්බිම පුවත්පත විසින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් දිමුතු ආටිගල ඔවුන්ගේ වෙබ් අඩවිය මගින් ගණිකාවක් බවට පත්කොට ඇත.

දිමුතු ආටිගල ගණිකාවක් වන්නේ මව්බිම පුවත්පත ටෙලි නිළියක ගණිකාවක් බව පුවතක් වාර්තා කිරිමෙනි.

එම පුවතට අනුව රමණි සුදර්ශනී නමැති 37 හැවිරිදි ටෙලි නිලියක් මහනුවර ප්‍රදේශයේ වසර ගනාවක් තිස්සේ රුපියල් 5000 සිට 10,000 දක්වා මුදලට ගණිකා සේවයේ නිරත වී ඇත. පසුව මහනුවර පොලිසිය මගින උපාය දුතයෙකු යොදවා මෙම නිළිය අත් අඩංගුවට ගෙන ඇත.

මව්බිම පුවත්පතේ වෙබ් අඩවිය මෙය වාර්තාකොට තිබුනේ පහතින් සඳහන් කල මුහුණ බොඳ කල කාන්තා ජායරුපයක්ද සහිතවය.


එම පුවතට ආදාළ ලෙස හැඟෙන පරිදි බොඳකර ඇති ජායරුපය වෙන කාගේවත් නොව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දිමුතු ආටිගල ගේය. 


මව්බිම වෙබ් අඩවිය දැන හෝ නොදැන නිදොස් දේශපාලන පක්ෂයක නායිකාවක් මේ ආකාරයට ගණිකාවක් බවට පත්කිරීම ගැටළු සහගතය. 

Related Posts Plugin for WordPress, Blogger...