නීති පද්ධතියේ දුර්වලතා නිසා ලංකාව අප්‍රිකානුවන්ගේ වංචා පාරාදීසයක් වෙලා.
Friday, December 14, 2012එසේ පැමිණි අයව ලංකා සංචාරක මණ්ඩලයේ දත්ත වල සටහන් වන්නේ මෙපමන් සංචාරකයින් සංඛ්‍යාවක් ලංකාවට පැමිණියාය කියායි.
නමුත් මොවුන්ගෙන් 99% ක්ම පැමිණෙන්නේ මුදල් වැයකර ලංකාවේ සිරි නැරඹිමට නොවේ. විවිධ උපක්‍රම මගින් ලංකාවේ පුරවැසියන් රවටා මිලියන ගණන් මුදල් රැගෙන යාමටය.
මෙම කටයුතු සඳහා ඔවුන් මාස ගණන් ලංකාවේ රැඳි සිටින්නේ මෙරට පුරවැසියන් රවටා ගත් මුදල් වලින් නයිට් ක්ලබ්, කැසීනෝ යමින් හෝටල් ගාස්තුද එමගින් ගෙවමින්ය. මීගමුවේ මෙවැනි වංචාකාරුවන්ගේ කොටස්කරුවන් වන නීතිඥවරුන් දෙදෙනෙකුද සිටි.
මෙම කඵ ජාතිකයින් වංචා කර කොටුවුවහොත් නීතියෙන් ගලවා දීම ඔවුන්ගේ කාර්්‍යභාරයයි. වංචාකල මුදලින් විශාල කුට්ටියක් ඔවුන් ලබා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි. මෙම කඵ ජාතිකයින් මෙරට ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකු රවටා අත්තේ ආයෝජකයින් ලෙස පෙනි සිටිමිනි.
මේ සඳහා ඔවුන් කඵ සල්ලි ඩොලර් මිලියන ගණනක් ගෙනවිත් තිඛෙන බව පෙන්වා එම මුදල සුදු සල්ලි කර ගනීමට මෙතරම් මුදලක් අව්‍යය බවද, ඇරඹිමට යන ව්‍යාපාරයේ ලංකාවේ, කොටස් කරුවන්, වශයෙන් එය වැයකරන ලෙසද ඉල්ලා සිටීම ඔවුන්ගේ සුලබ ක්‍රමයයි. මෙම තත්වය ලගා කර ගැනීමට මාස ගණනක් ලංකාවේ රැඳී සිටිමින් එම ව්‍යාපරිකයින් සමග හොඳ සුහදතාවක්, විශ්වාසයක් ගොඩ නගා ගැනීමට සමත් වෙති.
මුදල් ලබා ගත් පසුව පැන යන අතර, තවත් ප්‍රදේශයකට ගොස් බිලීබෑම සඳහා සැරි සරති. අපට වාර්ථා වන ආකාරයට දිවයිනේ දස දහස් ගණන් ව්‍යාපාරිකයින් මොවුන්ට මිලියන හා කෝටි ගණනින් හසුවී ව්‍යාපාර වැසිමට පත්වී දෙපලද විකුණා නන්නත්තාර වී ඇත.
මේ තත්වයට පත්වූ ව්‍යාපාරිකයින් දෙදෙනකු සියදිවි හානිකරගෙන ඇති බව අපට දැනගැනීමට ලබුනා. මොවුන් මෙරට වැඩියෙන්ම වංචා කරන තවත් ක්‍රම වන්නේ රත්රන්, මැණික්, දියමන්ති ආදිය තොග රැගෙන විත් ඇති බව පෙන්වා වංචා කිරීමයි.
මොවුන් මෙලෙස වංචා ව්‍යාපාර සඳහා නොපසුබටව ලංකාවට පැමිණෙන්නේ පොලිසිය, අධිකරණය, කූඨ නිතිඥවරුන් ඇතුඵ නීති පද්ධිතියේද ආගමන විගමන දෙපාර්තමේනතුව, රේගුව, විදේශ විනිමය හුවමාරු කීරිමෙ ආයතන ආදියේහි ඇති අක්‍රමිකතා නිසාය.
මෙයින් විශේෂයෙන්ම බල්ලෝ මරලා හරි කමක් නෑ මගේ ගිණුම පිරෙනවනම් යන මතයේ සිටින දහජරා නිතිඥවරුන් මෙම විදේශීය වංචාකාරයින්ට පංචායුධයකි. ඔවුන් ගාස්තු ලබා ගන්නේ මහේස්ත්‍රාත්වරුන්ගේ ගාස්තුවද, පොලිසියේ ගාස්තුවද ඇතුලත්ව යයි කියමින් මිලියන ගණනකින්ය.
වංචාවට පෙර සිටම මෙම නිතිඥයන් රිසර්ව් එකේ සිටිති. රෙඩිමේඩ්, කුලී ඇපකරුවන්ද ඔවුන් ලග ලියාපදිංචි වී ඇත. මෙම කඵ ජාතිකයින්ගේ වංචා වලට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් හසුවී ඇති නමුත් ඔවුන්ගෙන් දහසකට එක් අයකුවත් පැමිණිල්ලක් කිරීමට ඉදිරිපත් වී නැත. එම හේතු නම් කඵ සල්ලි යොදවා ව්‍යාපාර ආරම්භ කිරීමට යාම තමාද වරදක් කර ඇති බව පොලිසියෙන් පැවසීමයි.
අනෙක් ගණුදෙනුවලට අදාල ලියවිලි නොතිබීමයි. තවත් හේතුවක් නම් මිලියන ගණනක් වු මෙම මුදල ඉපයූ ආකාරය ගැන ප්‍රශ්ණ ඇතිවේ යැයි බියද, ඒ සඳහා නිසි බදු නොගෙවා තිබීමද වේ. තවත් අය ප්‍රකාශ කලේ මෙය ප්‍රසිද්ධ වුනාම ලංකාවේ පාතාලයෝත් මංකොල්ල කැමට ඒවී යන්නයි.
තවත් අය ලජ්ජාව නිසා මෙය සගවති. තවත් අය පවසන්නේ "උසාවි ගිහිල්ලා තව ටිකක් අපව නට්ටං වෙනවා මිස වැඩක් වන්නේ නැහැ" යනුවෙනි. මෙම කියමනෙහි අරුතක් ඇත.
අධිකරණයට යාමෙන් මෙම කඵ ජාතික වංචාකාරයින්ගේ ආරකෂාව තවත් තහවුරු වේ. ඒ මන්ද සුඵ ඇපයක් ලබාගෙන ඔවුන් එලියට පැමිණෙති. වැරදිකරු වූවද සුලභව දෙන දඩුවම වන්නේ ආරකෂිතව ඔවුන්ව තම රටට පිටුවහල් කිරිමයි.
එය ඔවුන්ට අවශ්‍යය දේමය. ඊලග මාසයේ තවත් නමකින් ලංකාවට පැමිණ එම පුද්ගලයාම වංචා ව්‍යාපාරයේහි යෙදිම සුලභව දක්නට ලැබේ. නමුත් අපට වාර්ථවන ආකාරයට ලාංකිකයින් කිහිප දෙනෙක් වැඩපලක සිදු වූවායැයි කියන මුදල් අක්‍රමිකතාවයක් නිසා සැක පිට අවුරුදු ගණනක් තවම පකිස්තානයේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිති.
සිංගප්පුරුව, මැලේසියාව, ජපානය, කොරියාව, ඉතාලිය, මාලදිවයින සහ අරාබි රටවල් බොහොමයක විශාල ශ්‍රී ලංකික සංඛ්‍යාවක් අවුරුදු ගණනක් රිමාන්ඩ් භාරයේ සිටිති. මෙසේ රඳවා සිටින්නේ විමර්ශන කටයුතු කරගෙන යන නිසා යයි පවසමිනි. එයට හේතුව එම රටවල නීති පද්ධිතිය ක්‍රියාත්මක වන්නේ එරට වැසියන්ගේ යහපත සඳහා මිස විදේශිකයන්ගේ සුබ විහරණය සඳහා නොවන නිසාත්, නීතිය ක්‍රියාත්මක කරන අංශ විදේශිකයන්ව මිලට ගත නොහැකි නිසාත්ය.
මැතකදී (ඔක්තොබර් මාසයේ පළමු සතියේ)අපට වාර්ථා වූයේ බම්බලපිටියේ ව්‍යාපාරිකයින් දෙදෙනකු රවටා කඵ ජාතික කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු මිලියන 12 ක් ලබාගෙන පැනගොස් ඇති බවත්, මෙම කල්ලියේ මහ මොලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු තවත් මුදල් කොටසක් ලබා ගැනීමට පැමීනි අවස්ථාවේ දි රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බවයි.
විමතියට කරුණ නම් විමර්ශනයකට කාලයක් නොදි මාස දෙකක් ගතවීමටත් පෙර මෙතරම් විශාල වංචාවක කොටස්කරුවකුට ඇප නියම වීමයි. අපට සති දෙකකට පෙර බන්ධනාගාරයේන් වාර්ථා වුන ආකාරයට දුෂිත කුප්‍රකට නිතිඥයකු වන හේමන්ත වර්ණකුලසූරියගේ දෙවනියායි කියාගත් නිතිඥයකු මෙම කඵ ජාතිකයා වෙනුවෙන් පෙනී සිට, ඔහු විසින් ඇප ලබාගැනීමට සහ, ඒවා සුඵ ඇප වලින් නියම කරවා ගැනීමට මහේස්ත්‍රාත්තුමාට ලකෂ දහයක්ද,රහස් පොලිසියට ලකෂ පහක්ද දිය යුතු බව පවසා ලකෂ විස්සක් මෙම කඵ ජාතිකයාගෙන් ගාස්තු ලෙස ලබා ගෙන තිබේ.
කඵ ජාතිකයා මේ බව ඔහුගේ රිමාන්ඩ් මේට්ලා සහ ජෙලර් මිතුරන් සමග පවසා ඇත. තවද මෙම නිතිඥයා විසින් ඇප ලබාගත් පසුව වෙනත් ක්‍රමයකින් ලංකාවෙන් පිටත් කර යැවීමට ආගමන වගමන දෙපර්තමේන්තුවට ලකෂ 10 ක් දිය යුතු බවද පවසා තවත් ලකෂ 15 ක් සුදානම් කරන ලෙසට මෙම කඵ ජාතිකයාට උපදෙස් දී ඇත. නමුත් අප මෙම වාර්තාවෙහි නිරවද්‍යතාවය ගැන සහතිකයක් නොතිබීම නිසා ඒ බව වාර්තා කිරිමට මැලි වුයෙමු.
මෙම ප්‍රවෘත්තිය සනාථ කරමින් පසුගිය සිකුරාදා අඵත්කඩේ අංක 5 අධිකරණයේ අංක 5729 නඩුවේදී මහෙස්ත්‍රාත්තුමා නියම කල ඇපය වංචා කර ඇති මුදලට සාපෙකෂව සීනි බෝල දෙකකි. එනම් රුපියල් ලකෂය බැගින් වූ පුද්ගලීක ඇපකරුවන් දෙදෙනකි. නිසි ආකාරයන් කල යුතුව තිබුනේ මිලියන දොළහ බැගින් පුද්ගලික ඇප දෙකක් නියම කිරීමයග මෙම පුද්ගලීක ඇපකරුවන් දෙදෙනාද එක්තරා සීමාවකට බදු ගෙවන්නන් හෝ රජයේ නිළධාරීන්ද නොවේ.
එකම සුදුසුකම ලංකාවේ පුරවැසියකු බවට අනන්‍යතාවය පමණි. මෙවැනි ඇපයකට අත්සන් කිරීමට කුලී ඇපකරුවන් ඕනෑතරම් සිටිති. ඒ මන්ද ක`ඵ ජාතිකයා රටෙන් ගිය පසු ඔවුන් අධිකරණයට ගෙවීමට බැඳි සිටින්නේ එක්ලකෂයකි. ඉන් පසුව ඔවුන්ද නිදහස්ය.
කඵ ජාතිකයාගේ ගාස්තු ලකෂ දෙක බැගින් ලබා ගත්තද, ඔවුන් දෙදෙනාට ලකෂය බැගින් ශද්ධ ලාභාය අද සුලූ ආපයක් නියම කර තමා එළියට එන බව මෙම ක`ඵ ජාතිකයා කල් තියාම පවසා ඇත. අවසානයේදි නැගෙන ප්‍රශ්ණය නම් අගතියට පත්වන ශ්‍රී ලංකිකයින්ට සාධාරණය, යුත්තිය බලාපොරෝත්තු විය හැක්කේ කාගෙන්ද යන්නයි .
ඉහත කී සුප්‍රකට නීතිඥ වෘත්තියේ යෙදෙන්නන් මෙම විදේශීය වංචාකරුවන්ගේ සෘජු කොටස්කරුවන් නොවේද? තවද මෙවැනි තොරතුරු සත්‍ය නම් මහේස්ත්‍රාත්වරුන්ද පොලිසියද, ආගමන නිලධාරීන්ද, කුලී ඇපකරුවන්ද මෙම විදේශ අපරාධකරුවන්ට අනෙක් පහසුකම් සපයන්නන් නොවේද? මෙසේ විදෙශ වංචාකාරයන්ට හසුවී වැසීයන සුඵ ව්‍යාපාර නිසා සමාජයට කොපමණ බලපෑමක් සිදුවනවාද? මෙවැනි ක්‍රියා නිසා ප්‍රතිඵලය වන්නේ අගතියට පත්වන අය නිතීයේ සරණ සොයා යාමට ඉදිරිපත් නොවීමකි.
අවසානයේ සිදු වන්නේ තමාට යුක්තිය තමාම සසඳලීමයි. එනම් මහමග කපා මරා දැමීම්, වෙඩි තබා යාම්, ගංගා ඇලදොල වල මල සිරුරු පාවීම, කැලෑවලින් මල සිරුරු හමුවීම් වැඩි වීමකි. මෙලෙස නීති අංශ වල දුෂිත භාවය ගැන දේශපාලඥයින්ද වගකිව යුතුය. එනම් සුදුස්සන්ට සුදුසු තැන නොදීම, වැරදි කෙනාට උසස්වීම දීම, වැරදි කල විට රැකවරනය දීම, යට ගැසීම, තම අවශ්‍යතා ඉටුකර ගැනීමමට පාවිච්චි කිරරීම, මාරු කිරීම ආදී කොටින්ම කිවහොත් ආරකෂ හා නීති අංශ සියල්ලම දේශපාලීකරණය වීමයි.