අගවිනිසුරුවරිය චෝදනා 3කට වරදකරු කරයි
Saturday, December 8, 2012අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව රජය විසින් ගොණුකොට තිබූ චෝදනා 14න් 3කට ඇය වැරදිකාරිය වී ඇති බව එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා අද පැවසුවා.
ගොණු කොට තිබූ චෝදනා 14න් 1, 4, 5 යන චෝදනාවන්ට පූර්ණ වශයෙන් වැරදිකාරිය බවත් 2 සහ 3 චෝදනාවන් අර්ධ ලෙස ඔප්පු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. (චෝදනා 14 මෙතනින්)
විමර්ශනයට ලක් කර ඇත්තේ චෝදනා 5 ක් පමණක් බවත් 5 න් 3කට වැරදි කාරිය බැවින් අගවිනිසුරුධූරයෙන් ඉවත් කිරීමට එක් චෝදනාවක් හෝ ඔප්පු වීම ප්‍රමාණවත් බැවින් අනෙක්වා විභාගයට නොගත් බවයි නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබෙන්නේ.
සාක්ෂිකරුවන්ගේ නාම ලේඛන ඉදිරිපත් නොකිරීම, චෝදනා සම්බන්ධ ලිපි ලේඛන ඉදිරිපත් නොකිරීම, අගවිනිසුරුට අපහාස කිරීම ආදී කරුණු හේතුවෙන් තමන්ට සහ අගවිනිසුරුවරියට විශ්වාසයක් නැතැයි පවසමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මුහුණදීමට පැමිණි අගවිනිසුරුවරිය හාන් නීතිඥ කණ්ඩායම එයින් පිටව ගොස් තිබුණා.
අනතුරුව එම තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ගේ පක්ෂග්රාහී භාවය නිසා තේරීම් කාරක සභාවේ විපක්ෂ නියෝජිතයන් වූ ආර්.සම්බන්ධන්, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල සහ විජිත හේරත් ඊයේ ඉවත් වීම නිසා චෝදනා විභාග කළේ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් මඟිණි.
පාර්ලිමේන්තු කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන් වූයේ නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, නියොමාල් පෙරේරා ය.
ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් විසින් පාලුගෙයි වළං බිඳීමෙන් පසු එක රැයින් විභාග කර දැන් තීන්දුවත් ලබාදී අවසානය.
අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගියේ මන්දැයි පැහැදිලි කරමින් ඇයගේ නීතිඥයන් වන නීලකාන්දන් සහ නීලකාන්දන් නීතිඥ සමාගම කතානායකවරයාට ලිපියක් ඉදිරිපත් කර තිබූ අතර චෝදනා විභාග කිරීම සඳහා නිදහස් හා සාධාරණ මඬුල්ලක් පත් කරන ලෙස කතානායක වරයාගෙන් ඉල්ලා තිබුණි. එම ලිපිය මෙතනින්.
මෙතෙක් පත්වූ කතානායකවරයකවරුන් පාර්ලිමේන්තුවේ මධ්‍යස්ථව ක්‍රියා කළත් චමල් රාජපක්ෂ කෙතරම් මධ්යස්ථදැයි රූපවාහිනියෙන් විකාශය වන පාර්ලිමේන්තු වීඩියෝ වලින් සැකයක් උපදී.
ජනාධිපතිවරයාට දේෂාභියෝගයක් ගෙන එනවා නම් එය කතානායකවරයා භාරගත යුතුය. ඒ නිසා කතානායක කවුද යන්න ජනාධිපතිවරයාට ඉතා වැදගත්ය. චමල් රාජපක්ෂ කතානායකවරයා ලෙස පත්වූයේ රනිල් වික්‍රමසිංහගේ පූර්ණ සහයෝගිතාව මතය.
-සම්බන්ධිත පුවත්-
"අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්රජාතන්ත්රවාදී සමාජයක්" වෙනුවෙන් එක්වන්නැයි අගවිනිසුරුවරියගේ පුතා ඉල්ලයි