රනිල්ට එරෙහිව ඔබාමාට පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාට පෙත්සමක් යොමුකිරීමට සැරසෙනවා.

අත්සන් 25,000කින් යුතු මෙම පෙත්සම යොමුකිරීමට සැරසෙන්නේ එජාපයට සම්බන්ධ තරුණ තරුණියන් පිරිසක් බවයි පලාත් සභා මංත්‍රීවරයෙකු වන මෛත්‍රී ගුණරත්න පවසන්නේ.

ඔවුන් චෝදනා කරන්නේ ඒකාධිපති පාලනයක් ගෙනයන මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව රැකගැනීමට රනිල් වික්‍රමසිංහද උදව් කරන බවයි.

  • ශ්‍රී ලංකාවෙ බලවත් පක්ෂයක් දියකර හැරීම
  • ඒකාධිපති පාලනයක් ගෙනයන මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට සහය පළකිරීම
  • පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් පලවා හැරීම
  • මැතිවරණ 25කට වඩා පරාජය වීම
  • මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට තවත් වසර 6ක් බලයේ සිටීම සඳහා රනිල්ද තම ධූර කාලය වසර 6කින් දීර්ග කරගැනීම 
ඇතුළු කරුණු ගනනාවක් එම පෙත්සමට ඇතුලත් බවයි දැනගන්නට ලැබෙන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...