කෝබෝල්ට් විකිරණ භාවිතයෙන් මදුරුවන් වඳ කිරීමට යයි

මදුරු ගහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කොබෝල්ට් විකිරණ භාවිතා කිරීමට ජාතික මැලේරියා මර්ධන ව්‍යාපාරය සූදානම් වෙනවා

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අත්හදා බැලෙන මෙම කොබෝල්ට් විකිරණ භාවිතා කර පිරිමි මදුරුවන් ස්වභාවික වන්ද්‍යාකරණයට ලක් කර පරිසරයට මුදාහැරීම මෙම නව ක්‍රමවේදයයෙන් බලාපොරොත්තුවේ.


ගැහැණු මදුරුවන් වන්ද්‍යාකරණයට ලක් වූ පිරිමි මදුරුවන් හා එක් වුවද කීටයන් බිහි නොවන නිසා මදුරුවන් ව්‍යාප්ත වීම පාලනය කිරීම ඉතාමත් සාර්ථක විය හැකි බවයි එම මර්ධන ව්‍යාපාරය විශ්වාස කරන්නේ.

මෙම ක්‍රමය යොදාගනිමින් පළතුරු මැස්සන් පාලනය කිරීම ඉතාමත් සාර්ථක ප්‍රථිඵල වියානාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් ලබා ඇති බවද පැවසේ.

මේ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා විශේෂඥයින් පිරිසක් දෙසැම්බර් මාසයේ දී පැමිණීමට නියමිත අතර ජාතික පරමාණුක ශක්ති අධිකාරියේ ද සහය මත එම පරීක්ෂණ නාරාහේන්පිට මදුරු මර්ධන ඒකකයේ දී මෙහෙයවීමට නියමිතය.

-සම්බන්ධිත පුවත්-
ඩෙංගු මර්ධනයට ජාන වෙනස් කළ පිරිමි මදුරුවෙක්

Related Posts Plugin for WordPress, Blogger...