වැලන්ටයින් දා කූරගලට යන බොදුබල සේනා
Friday, November 30, 2012
පසුගියදා නැඟෙනහිර ප්‍රදේශයේ වසර දහස් ගණනක් පැරණි චෛත්‍යයක් ඩෝසර් කිරීම නිසා එයට විරෝධය පා බොදුබල සේනා සංවිධානය ඊයේ කෞතුකාගාරය ලඟ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලඟට පැමිණියා.
එහිදී එම සංවිධානය විසින් ඉල්ලා සිටියේ වහාම නැඟෙනහිර පලාතේ පුරාවිද්‍යා ස්ථාන ගැසට් කර පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමට පුවරු සවිකරන ලෙසත්ය.
මේ අතර පෙබරවාරි 14 වෙනිදා එම සංවිධානය කූරගලට යන බවත් දන්වා සිටියේ මෙලෙසින්.
"තාම සුද්දා හදලා දීපු පනත කරපින්නාගන මේ බෞද්ධ සංහාරය කරනකම් ඇමතිලත් බුදි, නිළධාරීනුත් බුදි. ඔය පනත මහත්තයෝ නවලා ලිපට දාන්න. ඔය පනත වෙනස් වුනේ නැත්නම් මීට පස්සේ එක නිළදාරියෙක් එවන්න එපා. හැම තැනකම අපි හදනවා පන්සල්. පුළුවන් නම් වරෙල්ලා නවත්තන්න පුරාවිද්යා නිලධාරීන්.
පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් දවසේ අපි යනවා කූරගලට. මහා සංහාරයක් වෙන්න ඉඩ හරිනවද? කූරගල සුද්ද කරලා බෞද්ධයට දෙනවද? මහත්තුරුන්ට සම්පත් නැත්නම් කියන්න, පින්ඩපාතේ ගිහින් සල්ලි හොයලා දෙන්නම් පුවරු ටික ගහන්න මොකක්ද මේක කරන්න තියන බැරිකම?"
ඒයට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පිළිතුරු දුන්නේ මෙලෙසින්.
"පිරිස් සම්පත් අතිනිත්, මූල්‍ය සම්පත් අතිනුත් අපේ දෙපාර්තමේන්තුව දුප්පත්. ලක්ෂ 10ක් ස්මාරක තියනාවා. මේ රටේ ගෙවල් සංඛ්‍යාවට සමාන පුරාවිද්‍යා ස්මාරක තියනවා. මේ සේරම ආරක්ෂ කරන්න ඉන්නේ තාක්ෂණික නිලධාරීන් 24යි. මුලු නැඟෙනහිරටම ඉන්නේ 3 දෙනයි."
කෙසේ වුවද ජනවාරි මාසය ආරම්භයේදී මෙම පුවරු ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසානයේ පොරොන්දු විය. කූරගල පිළිබඳව සවිස්තර ලිපියක් මෙතනින්.
මේ පිළිබඳව වීඩියෝව පහතින්.
පසුගියදා ඩෝසර් කල සාගම සෑයෙන් සොරාගන්නා ලද නිධන් වස්තු මේ වනවිට සොයාගන තිබෙනවා. ඒවා පහතින්.

-සම්බන්ධිත පුවත්-
නැඟෙනහිර තවත් චෛත්‍යයක් ඩෝසර් කරයි
පිරිත් සජ්ජායනා කරමින් පැවැත්වූ විරෝධතාව
