හලාවතට ආ අද්භූත යානය
Friday, November 30, 2012සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරන පි. ප්‍රනාන්දු නම් පුද්ගලයෙකු විසින් විදුලි පන්දම දල්වා නිවලා සංඥාවක් ලබා දුන් පසු එම යානය එම එළිය දැල්වූ ප්‍රදේශය ආසන්නයට පැමිණ තිබෙන අතර පසුව ඔහු තම ජංගම දුරකථනය මඟින් එය වීඩියෝ කර තිබෙනවා.
එම පුද්ගලයා මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.
"ටෝච් එක අරගන මම ගැහුවා ඒකේ දිශාවටම ගහලා ටිකක් වෙලා තියන් ඉඳලා ටෝච් එක නිව නිව පත්තු කලා මම. ඊටපස්සේ මම ටෝච් එක ඕෆ් කරගන ඉඳගන හිටියා. එතකොට ඊට පස්සේ මට විනාඩි 15-20ක් විතර නින්ද ගියා.
එක පාරටම බය වෙලා වගේ ගැස්සිලා වගේ මම ඇහැරුනා. බලනකොට ඒක මම ඉන්න දිහාට එනවා. මේක යානයක් වගේ. ඒත් හැඩේ පෙනුනේ නෑ. මම ටෝච් එක අරගන ගහලා දුවන්න ගත්තම මේක එනවා ටෝච් එලියට වේගයෙන්.
ඊට පස්සේ මම ටෝච් එක නිවලා දුවන්න ගත්තා. මම මේ යාබද හිටපු එක්කෙනාටත් කතා කරලා කිව්වා. ඊට පස්සෙ එයත් නැඟිටලා බලනකොට මේක නැතුව ගියා එක පාරටම.
අරයා ටෝච් එක එහෙට මෙහෙට ගහන්න ගත්තම ආයෙත් එළිය මතුවුණා ලයිට් දාගන ලඟම වගේ. ඊට පස්සේ එයත් කලබල වුනා මේක කොහෙ හරි පිට යානයක් කියලා. අපිත් දුවමු දුවමු කියලා දිව්වා. ඊට පස්සේ කැලේ වගෙ හරියක් තියනවා.
මේක අපි දුවපු පස්සෙන්ම ආවා ටෝච් එක ගහගන ආපු තැනට එනකම්. ඊට පස්සේ මේක නවත්තගන එක තැන තියාගන ඉන්නවා.
ලයිට් එළියක් බිමට වැටෙන්නේ නැහැ. පාන්දර 5.45 වෙනකම් තිබුනා එකම තැන. 5.40 විතර වෙද්දී මේක ටික ටික පස්සට යන්න ගත්තා. උඩ ගියාට පස්සේ මට කල්පනා වුනා අරයගේ ෆෝන් එක තියනවා කියලා හට් එකේ. අරයා දුවගන ගිහිල්ලා ෆෝන් එක අරගන ඇවිල්ල අපි ගත්තා වීඩියෝ එකක්.
යානයේ හැඩය පේන්නේ නෑ ලොකූ එළියක් තියෙන්නේ ගිනි එළිය වගේ. වටේ ලස්සන දම් පාට කැරළි කැරළි හැම වෙලේම එලිය යනවා එහෙට මෙහෙට යනවා රත්තරන් පාටට."
එම පුද්ගලයාගේ බිරිඳ එම සිද්ධිය විස්තර කරන්නේ මෙලෙසින්."මහත්තයා 5.45 ට විතර මට කතා කරලා කිව්වා එළියට ගිහින් බලන්න කියලා ලයිට් එළි දෙකක් තියනවා කියලා.
ඊට පස්සේ මම එළියට ඇවිල්ලා බලනකොට සෑහෙන්න දුර ගිහිල්ලා අහසේ මට්ටමටම වගේ. ඒ වෙලාවේ ලයිට් එළි දෙකක් විතරයි තිබුනේ."
මෙම යානය ගුවන් හමුදා රේඩාර් පද්ධතියේ සටහන්වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි ගුවන් හමුදා මාධ්‍යය අංශය පවසන්නේ.
වොෂින්ටනයේ පිහිටි හඳුනා නොගත් පියාසර වස්තූන් ගවේශන මධ්‍යස්ථානය (National UFO Reporting Centre) වෙත දිනපතා මෙවැනි සිද්ධීන් වාර්තා වෙන අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ එවන් සිදුවීම් කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහන්වී ඇත්තේ මෙලෙසිනි
( Colombo | Hingurakgoda | Mount Lavinia | Kaduruwela 1 | Kaduwela 2 | Athrugiriya | Trincomalee | Polonnaruwa 1 | Polonnaruwa 2 | Polonnaruwa 3)
මෙම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයා විසින් ජංගම දුරකතනයෙන් ලබාගත් ඉරණවිලට පැමිණි යානයේ වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
1. අද්භූත වස්තුව බොරුයි කීමට ගොස් එය සනාථකළ රූපවාහිනී කණ්ඩායම
2. පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්
3. වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!
4. කඩුවෙල අහසේ අභිරහස් ආලෝකයක්
5. මහියංගනයයේ දක්නට ලැබූ අද්භූත වස්තුව
6. හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි
7. පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ !
8. ලන්ඩන් නුවර අහසේ පියාඹන පිරිසි
9. Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම
10. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
11. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි
