චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජපක්ෂයි
Wednesday, November 14, 2012
ලංකාවට අයත් චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට තවත් ඇත්තේ දින 8ක් පමණයි.එම චන්ද්‍රිකාව ගැනත්, 2015දී යැවීමට නියමිත චන්ද්‍රිකාව ගැනත්, ඒවායේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය ගැනත්, කොග්ගල ඉදිකිරීමට යන අභ්‍යාවකාශ ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ගැනත් ලිපි ගනනාවක් ගොසිප්9 ඔබට ගෙන ආවා.
ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂ ලංකාවෙ ප්‍රථම ගගනගාමියා වීමට යන බවටත් පුවත් ගනනාවක් ගෙන ආවත් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හා අභ්‍යාවකාශ පුහුණු මධ්‍යස්ථානයට ඔහුගේ ඇති සම්බන්ධයක් මෙතෙක් වාර්තා වුනේ නැහැ.
නමුත් මේ සියල්ලගේම නිර්මාතෘ වන්නේ ජනපති බාලම පුත් රෝහිත රාජපක්ෂයි. මේ සියල්ල පිළිබඳව අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂයි හෙළිකර සිටින්නේ මෙලෙසින්.
"මට පොඩි කාලේ ඉඳන් විෂන් එකක් තිබ්බා කවුරුත් කරපු නැති දෙයක් ශ්‍රී ලංකාවට කරලා දෙන්න. දැනට අවුරුදු දෙකකට විතර කලින් සුප්‍රීම් සැට් කම්පැනි එක එක්ක කතා කළා මේ වගේ දෙයක් කරමු කියලා. ලංකාවෙ නම ස්පේස් වලට ගෙනියමු කියලා.
මට ආශාවක් තිබුණා. ඇත්තටම මම හැම වෙලෙම ස්පේස් ගැන අධ්‍යනය කරලා පුද්ගලයෙක් වශයෙන්. මම ඒ ගැන ස්ටඩීස් කර කර හිටියේ එංගලන්තේ අභ්‍යාවකාශ විද්‍යාව.
මට ඉන්ට්‍රස්ට් එකක් ආවා. අපි පොඩි රටක්. ඇයි අපි පොඩි වුනාට විශාල දෙයක් කරන්න පුළුවන්.
සැටලයිට් ලෝන්ච් එකට පමණක් නෙවෙයි ඒක යටතේ එන තව පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් තියනවා. ලංකාවේ ප්‍රථම ස්පේස් ඇකඩමි එක ඩිවලොප් කරන එක. එතකොට ලංකාවේ ඉන්න ඉන්ජිනියර්ස් ලා ට්‍රේන් කරන්න මධ්‍යස්ථානයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියනවා.
එතකොට ඒ වගේම අපි ලංකාවේ ඉගනගන්න කටීයට මේ ඉන්ඩස්ට්‍රි එක ගැන වැඩි දැනුමක් නෑ. දැනුමක් ලබාගන්න අවශ්‍යතාවයක් තිබුනට ඉදියට යන්න මඟක් නෑ. මම හිතන්නේ නෑ අපි පරක්කුයි කියලා. අපි ඒ මඟ සලසන්න බලාපොරොත්තු වෙනවා.
අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ මේ ස්පේස් ඉන්ඩස්ට්‍රි එකේ බුද්ධි ගලනය නොවී ලංකාවේ තියගන්න. ලංකාවේ කොච්චර දැනුම තියන පුද්ගලයෝ හිටියට බුද්ධි ගලනය සිදුවෙනවා.
රටෙන් පිටවෙච්ච දැනුම, ඤාණය නැවත ලංකාවට ගෙන එන්න ඕනේ. අපේ ලංකාවේ ඒ ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නේ නැතුව, ලංකාවේ ඒක ඉන්ට්‍රඩියුස් කරන්නේ නැතුව කියන්න බැහැ ඇවිල්ලා මොනා හරි කරන්න කියලා.
ඉනීෂියල් ස්ටෙප් එකක් හැටියට අපි මේක ලෝකෙට ඉන්ට්‍රඩියුස් කරනවා. ඒ කට්ටිය එන්න කැමති නම් අපි බඳවාගන්න, සම්බන්ධ කරගන ඒ අගයේ දැනුම භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා."
එම වීඩියෝව පහතින්.

-සම්බන්ධිත පුවත්-
1. ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ
2. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
3. ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි
4. ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට
5. ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශගාමියා ජනපති බාල පුතයි
6. ජනපති බාල පුතා අභ්‍යාවකාශ උපාධිය ලබයි- පුටින්ගෙන් ආශිර්වාදය
