ගැහැණු ඇඳුමෙන් හැඩවුණු සීයා
Friday, November 30, 2012
ලියු සියන්ග්පින්ග් නම් හැත්තෑ දෙහැවරදී (72) මෙම චීන ජාතික සීයා එක් රැයක් තුල අන්තර්ජාලයේ සැරිසරන ලොව බොහෝ පුද්ගලයන්ගේ අවධානය දිනාගැනීමට සමත්විය.
සැබවින්ම විනෝදශීලි පුද්ගලයකු වන මෙම සීයා,තම මිණිබිරියගේ විලාසිතා ප්‍රදර්ශනාගාරයේ ඇඳුම් හැඳ නිරුපිකාවක් ලෙස රංගනයේ යෙදුනේ තම මිණිබිරියට විනෝදය සැපයීමේ අරමුණෙනි.
කෙසේ වෙතත් මිණිබිරිය ඒවා චායාරුප ගතකොට අන්තර්ජාලයට එක්කොට තිබුණු අතර බලාපොරොත්තු නොවූ අයුරින් එක් රැයක් තුල ඊ මේල්, වෙබ් අඩවි,බ්ලොග් අඩවි සහ ෆේස් බුක් පිටු තුලද විශාල වශයෙන් මෙම චායාරුප හුවමාරු වන්නට විය.
විනෝදය සඳහා සිදුකළ මෙම චායාරුප ගතකිරීම මිණිබිරියගේ විලාසිතා ප්‍රදර්ශනාගාරයට මහත් ප්‍රසිද්ධියක් ගෙන ඒමත් සමග සීයා සහ මිණිබිරිය එකතුව තවත් චායාරුප ගතකිරීම් කිහිපයක්ම සිදුකර තිබේ.
China News Week සඟරාව හමුවේ අදහස් දක්වමින් මිණිබිරිය වන "ලු" මහත්මිය කියාසිටියේ මෙය පුර්ණ වශයෙන් තම සීයාගේ අදහසක් බවත් චායාරුප වෙනුවෙන් පෙනීසිටීමට ඇඳුම් තේරීම සහ ඇඳුම් නිර්මාණ කිරීම ඔහුගේ කැමැත්තට අනුව සිදුවන බවත්ය. චීන මාධ්‍යට අදහස් දැක්වූ ලියු සියන්ග්පින්ග් නම් සීයා කියාසිටියේ හැත්තෑ දෙහැවරදී (72) තමා හට අහිමිවීමට දෙයක් නොමැති බවත් කාන්තා ඇඳුම් ඇඳීමට සිදුවීම ලැජ්ජාවට කරුණක් නොවන බවත්ය.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ තම මිණිබිරිය වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීමට ලැබීම තමාට සතුටක් බවයි. මෝස්‌තර නිර්මාණකරුවන් සහ විචාරකයින් කියා සිටිනුයේ හැත්තෑ දෙහැවරදී පිරිමියෙකු වුවද තරුණ කාන්තාවකගේ මෙන් මෙම සීයාගේ දේහය කැපිපෙනෙන සුළු බවයි.