වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද සැබෑ මිනිසුන්.
Friday, November 30, 2012
අප හට නිතර නිතර වාර්තා කරන්නට ලැබෙන්නේ රටේ සිදුවන අපරාධ, දූෂණ, වංචාවන් පිළිබඳවයි.
එහෙත් මේ ඔබට ගෙනෙන්නට යන්නේ මොරටුව YMCA ආයතනය විසින් ආරම්භ කර ඇති වටිනා සමාජ සේවයක් පිළිබඳවයි.
මොරටුව YMCA ආයතනය විසින් පවුල් 80 කට වැඩි පිරිසක් වාසය කරන මොරටුව දිගරොල්ල වත්තේ අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් දරුවන් හට ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා වෘත්තීය ගුරුවරු, ස්වේච්ඡා නිළධාරීන් මෙන්ම එම ආයතනයේ කොරියානු තරුණ තරුණියන් ද සහය ලබා දෙන බවයි ඔවුන් පවසන්නේ.
මෙම අමතර පංති YMCA ආයතනයේ ම පැවැත්වෙන අතර අසරණ දරුවන් ට නොමිලයේ අධ්‍යාපනයක් ලබා දීම එම ආයතනයේ අරමුණ වේ. මීට සමගාමීව මොරටුව ලුණාව සුනාමි නිවාස වල වෙසෙන අඩු ආදායම්ලාභී දෙමව්පියන්ගේ දරුවන්ට ද ඉංග්‍රීසි නොමිළයේ ඉගැන්වීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති YMCA ආයතනය පවසන්නේ මෙම සමාජ මෙහෙවර ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම පැවැත්වීමට සියළු කටයුතු සැලසුම් කර ඇති බවයි.
රටේ පාලනාධිකාරයෙන් සිදු විය යුතු සමාජ මෙහෙය සිදු නොවන මෙවැනි කාලයක දී ඒ ගැන දෙස් දෙවොල් තබමින් පමණක් සිටිනවාට වඩා මොරටුව YMCA ආයතනය විසින් ප්‍රායෝගිකව මේ ආරම්භ කළ අගනා සමාජ මෙහෙවර පැසසිය යුතු ය.