මොකද පොලිසිය මේතරම් දඟලන්නේ ?

ශ්‍රී ලංකා පොලිස් සේවය ශ්‍රී ලංකාවේ වඩාත් දුෂිතම ආයතනය ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිනිය වරක් ප්‍රකාශ කර සිටියද, මහජන මිත්‍රශීලි වෘත්තිමය අභිමානවත් පොලිස් සේවයක් උදෙසා වචනයේ පරිසමාප්තියෙන්ම ඔවුන් කැපවී සිටින බව අප කවුරුත් දන්නා කරුණකි.

එහෙත් ඇතැම් රටවල පොලිස් නිලධාරීන් මහජනතාවගේ නිතිය පිළිඹඳ නොදැනුවත් භාවය ප්‍රයෝජනයට ගෙන විවිධ මුල්‍ය වංචා, අල්ලස් සහ දුෂණ කටයුතු සිදුකරන බව වාර්තාවේ. මහජනතාව ඉදිරියේ සිංහ වෙස්ගෙන රඟදෙන ඔවුන් නීතිඥ සංගම්වල ලාංචන සහිත මෝටර් රථ සහ මාධ්‍ය ආයතන ලාංචන සහිත මොටර් රථ පාරේ ගමන් කරනවිට ඔවුන් අතින් වරදක් සිදුවුණද නොදැක්කසේ සිටිනබව වාර්තාවේ.

ඔවුන් හවස මදුවිත පානය සඳහා මුදල් සොයාගැනීමට, වැඩ නිමවී ත්‍රිරෝද රථයේ ගෙදරයාමට, හොර අඹුවට දීමට එළවලු මල්ලක් මිලදීගැනීමට ආදී අවශ්‍යතා ඇතිවූවිට පාරට පැමිණ තරුණ තරුණියන් ගමන් කරන වාහන නවතා කුමක් හෝ වරදක් සොයාගෙන ඔවුන් බයකර ඔවුන්ගෙන් අල්ලස් ගන්නා බව වාර්තාවේ.

තවද කිසියම් හේතුවක් මත ඉහල පොලිස් ප්‍රධානියෙකුගෙන් වැදු මවුපියන් සිහිගන්වමින් බැනුම් අසා සිටිනම්, පාරේ හෙල්මටි නොමැතිව හෝ බලපත්‍ර නොමැතිව යතුරුපැදි ධාවනය කරන තරුණයෙකු අල්ලාගෙන හිතේ තරහ ඉවරවෙනතුරු එම තරුණයට පහර දීමටත්

කම්මැලි කමක් දැනුන විට කණ්ඩායම් වශයෙන් ගොස් වෙරළ සහ උද්‍යාන වටලා ඒවායේ සිටින තරුණ යුවලවල් බයකර මානසික සුවයක් ලබාගැනීමටත්, විශ්ව විද්‍යාලසිසුවෙකු යම් වරදකට අසුවූ විට හිතෙහි පවතින ඉර්ෂාව පිරිමසාගැනීමට පහර දීමට හෝ එසේ කල නොහැකි අවස්ථාවන්හිදී  8 පමණක් සමත් උවද මහාචාර්යවරුන්ට වඩා ඔවුන් කරුණු දන්නා බව අඟවමින් මුළු විශ්ව විද්‍යාල පද්ධතියම හැලුවට ලක්කිරීමට පුරුදුවී සිටින බව වාර්ථාවේ.

ඔබට නීතිමය කරුණක් ගැන තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 129/5,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.









ස්තුතිය - තොරතුරු ලබාදුන් සැමට සහ ජායාරුප ශිල්පී අමිල ප්‍රබෝධ මහතාට

Related Posts Plugin for WordPress, Blogger...