සුපර් මොඩල් තරඟාවලි 3ක ජායාරූප එකතුවක්

ලංකාවේ සුපර් මොඩල්, ඒෂියා සුපර් මොඩල් 2012, ඉන්ටර්නැෂනල් සුපර් මොඩල් 2012 යන තරඟාලි තුනේම ජායාරූප එකතුවක් පහතින් ඇත.

මෙහි මුල් ජායාරූප 20 හි ඇත්තේ ලංකාවේ පැවති තරඟයේදී ගලදාරී හෝටලයේ ගත් ජායාරූපයි. එම ජායාරූප වල අංක 5 නියෝජනය කරන චතුරිකා ආරියවංශ මේ දිනවල පිලිපීනයේ පැවැත්වෙන "Miss Earth 2012" සඳහා පිටත්ව ගොස් තිබෙනවා. රටවල් 88ක් නියෝජනය කරන මිස් ඒර්ත් තෝරන අතරතුරේ ගත් ඇයගේ වෙනම ජායාරූප එකතුක් පසුව ගෙන ඒමට ගොසිප්9 බලාපොරොත්තු වේ.



ඒෂියන් සුපර් මොඩල් හා ඉන්ටර්නැෂනල් සුපර් මොඩල් තරඟ සඳහා ලංකාව නියෝජනය කිරීමට රූමතියන් තෝරන සුපර් මොඩල් තරඟය පසුගිය සැප්තැම්බර් මාසයේ කොළඹ ගලාදාරී හෝටලයේදී පැවැත්වුණා.

එහි කිරුළ හිමිකරගත්තේ ජයමාලි එරන්දිකාය. ඇය සමඟ දෙවන තැන හිමිකරගත් චුලක්ෂි රණතුංග පසුව චීනයේ පැවති 7 වන "Asian Super Model 2012" තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගියා.


චීනය, ජපානය, දකුණු කොරියාව, මොන්ගොලියාව, වියට්නාමය, සිංගප්පුරුව, මැලේෂියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, කොලොබියා හා ඉන්දියාව යන රටවල් 13ක තරඟකාරියන් 36 දෙනෙකු ඒ සඳහා සහාභාගී වූ එහි අතර කිරුල හිමිකරගත්තේ චීනය නියෝජනය කළ තරුණියයි. අවසන් 10 අතරට පැමිණි එරන්දිකා "බෙස්ට් ෆිගර් මොඩල්" ලෙස තේරී පත්වුණා.

මේ අතර තායිලන්තයේ පැවති "International Super Model 2012" තරඟාවලිය සඳහා පිටත්ව ගියේ ඉරේෂා අසංකි ද සිල්වා ය. රටවල් 36ක තරඟකාරියන් අතුරින් එහි කිරුල දිනාගත්තේ දකුණු අප්‍රිකාව නියෝජනය කළ තරුණියයි. ඉරේෂා අසංකි ද සිල්වා අවසන් 10 දෙනා අතරට පැමිණීමට සමත්විය.

Asian Super Model 2013 සඳහා අයදුම් කිරීමට මෙතනින්
.

-සම්බන්ධිත පුවත්-
1. ජාත්‍යන්තර රූ රැජින තරඟයේ 3 වන ස්ථානය ලංකාවට
2. Miss International 2012 ජායාරූප එකතුවක්
3. Miss World 2012 කිරුළ චීනයට
4. මිස් ඒසියා පැසිෆික් කිරුල ඉන්දියාවට
5. ආසියා ජගත් විවාහක රැජින කිරුළ ශ්‍රීමාලිට
6. මිස් ඒසියා පැසිෆික් රූ රැජින තරගාවලියේදී ගයේෂාට සම්මාන දෙකක් !
7. පුෂ්පිකාට හේමමාලා කුමරිය අහිමි වූයේ බිකිනිය ඇන්ද නිසාද?
8. සංචාරක රූ රැජින හා ආසියානු විවාහක රූ රැජින තේරීමේ ජායාරූප එකතුව
9. ලෝක රූ රැජින තරඟයට යන්නේ මමයි - සුමුදු
10. ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට
11. ලාංකීය තරුණිය අවසන් වටයට තේරුනු ඉතාලි රූ රැජින තරඟයේ ජය ආජන්ටිනාවට
12. තවත් ලාංකික තරුණියක් ඉතාලියේ තරඟයක
13. සංචාරක රූ රැජින තරඟයට පිටත්ව යන විනූ උදානි

Related Posts Plugin for WordPress, Blogger...