ස්වර්ණවාහිනියේ වැදි බණ හා දවසේ වැරැද්ද

නිව්ස් වලින් ෆස්ට් වූ ස්වර්ණවාහිනී සජීවී අට පුවත් විකාශය අතරතුර පෙන්වන එක් විශේෂාංගයක් වන්නේ "දවසේ වැරැද්දයි".

මෙය බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතුවූ විශේෂාංගයක් බවට පත්වුණේ ඇතැම් අවස්ථාවල පෙන්වන ලද විශේෂාංග වල මානුෂිය පැතිකඩ සොයා නොබැලීම හේතුවෙනි.

රටටම කැමරාවෙන් මුහුණ පෙන්වා එයට විස්තර කථනයක් පසුබිමින් යොදන දවසේ වැරැද්ද ඔවුන් විසින් සැබෑ ලෙසටම යොදා ගනු මිනිසුන්ගේ "වැරදි පෙන්වා" ඒවා නිවරදිකිරිමටත් වඩා ඔවුන්ගේ පුවත් විකාශයට හොඳ අවස්ථාවක් කරගැනීමය.

පහතින් දැක්වෙන්නේ පසුගියදා මාලඹේ-කඩුවෙල-බියගම  ප්‍රදේශයේදී  මාර්ග නීති ගනනාවන් කඩකරමින් ධාවනය වූ 252-1574 දරන ස්වර්ණවාහිනී වෑන් රථයයි.


1) කහ ඉර මතින් ඉස්සරකිරීම
2) මංතිරු දෙකේ මාර්ගයේ වාහන 4ක් එකවර මාරුවන ලෙස අස්සෙන් රිංගවීම
3) ඉදිරියෙන් වාහනයක් එන බව දැන දැනම වාහනයකට ඉස්සර කිරීම
4) හංදියකදී වාහනයකට ඉස්සර කිරීම ආදිය ඒ අතර ප්‍රධානවේ.

වෙනත් වෑන් රථයක් මෙම දේවල් කළේ නම් ස්වර්ණවාහිනිය විසින් එය "රසකොට" ඉදිරිපත් කරන ආකාරය සිතාගත හැකිය.

එම වීඩියෝව පහතින්.



කරන ලද වැරදි පහතින්.








මීට පෙරදීද අවස්ථා ගනනාවකදී ස්වර්
වාහිනී වෑන් රථ මාර්ග නීති කැඩූ අවස්ථා අප වෙත වාර්තා වී තිබුණා.

කහ ඉර මත නවත්වා කිසියම් කටයුත්තක යෙදෙන ස්වර්ණවාහිනී වෑන් රථයක් පහතින්



මෙයට ටික කලකට පෙර කැමරාවේ සටහන් වූ වැරද්දක්.


2011 වසරේදී ස්වර්ණවාහිනී නාලිකාවේ නිෂ්පාදක කණ්ඩායම රැගත් රථයක් රියදුරුට නින්ද යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන පුවක්පිටිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබූ අයුරුයි මේ.




මර්ගනීති කැඩීම පිළිබඳව දිනපතා අවවාද අනුශාසනා දෙන ස්වර්ණවාහිනිය මෙන්ම ඒවාට දඬුවම් කිරීමට ඉන්නා පොලීසියද එම නීති කඩනුයේ මෙසේය.




මීට පෙර අප විසින් ඉදිරිපත් කළ Live@8 කාර්ය මණ්ඩලයේ ජායාරූප එකතුවක් පහතින්. Live@8 හි ජනප්‍රිය නිවේදක නදීක කරුණාරත්න ද මෙම ජායාරුප පෙළෙහි සිටින අයුරු දැකගත හැකියි.



-සම්බන්ධිත පුවත්-
ස්වර්ණවාහිනී දවසේ වැරැද්ද
ස්වර්ණවාහිනී හොට ඇන ගනී : දවසේ වැරැද්ද
Live@8 සැබෑ ස්වරූපයද මේ?

Related Posts Plugin for WordPress, Blogger...