ඔලිම්පික් සමාරම්භක උත්සවයේ අවධානය දිනු ලංකාව නියෝජනය කල යුවතිය
Wednesday, August 1, 2012ක්‍රිස්ටීන් සොනාලි මෙරිල් නම් මෙම තරුණිය ඉපදී මෙන්ම හැදී වැඩි ඇත්තේ කැලිෆෝනියාවේ සැන් දියාගෝ හිදීය.බේකර්ස්ෆිල්ඩ් ක්‍රිස්තියානු පාසලේ අඩු පහසුකම් යටතේ තමාගේ නැගණිය හා තවත් යෙහෙලියන් තිදෙනෙකු සමග මීටර් 400 සහය දිවීම සඳහා කණ්ඩායමක් සදාගත් සොනාලි එයින් ජනප්‍රියත්වයට පත්ව ක්‍රීඩිකාවක් බවට පත්වී ඇත.
වාර්තාවන ආකාරයට සොනාලි ගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර ඇය මෙයට පෙර අන්තර්ජාතික තරඟ වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණ ලබා ඇත.
මෙවර ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකාව නියෝජනය කරමින් සුදුසුකම් ලැබීමේ පැවැත්වූ තරඟ වලින් ඇය අසමත්වී ඇති අතර එවන් අසමත්වූ ක්‍රීඩකයන්ට ලබා දෙන අවස්තාවක් වන "වයිල්ඩ් කාර්ඩ් එනට්‍රි" යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු පැනීමේ ඉසව්වට සහභාගී වීමට අවස්ථාව දීමට ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.