‘අයිස්ක්‍රීම්’ වෙනුවට රයිස් ක්‍රීම්

විවිධ වර්ගයේ රසයන්ගෙන්, වර්ණයන්ගෙන් යුත් අයිස්ක්‍රීම් පිළිබඳව අප අසා ඇත්තෙමු. ඒ වර්ග සියල්ලම නැතත් කිහිපයක් හෝ අප හැමෝටම රසවිඳීමට අවස්ථාවක් උදා වී ඇති බවට සැකයක් ද නැත.

එහෙත් රයිස් (සහල්) වලින් අයිස්ක්‍රීම් එකක් හෙවත් රයිස්ක්‍රීම් එකක් රස විදීමට හැකි වුවොත් ! දැන් ඒ අවස්ථාව උදා කරල දෙන්න පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා.

මෙලෙස කිරි, සීනි සහ විවිධ වර්ගයේ රස කාරක යොදා ගනිමින් නිපද වූ අයිස්ක්‍රීම් හෙවත් හිම කිරම වෙනුවට දේශීය සහල් උපයෝගිකොටගෙන නිෂ්පාදනය කළ රයිස්ක්‍රීම් විශේෂයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරිනී හේමන්තිකා ජයවර්ධන මහත්මිය ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින් ජනතාවට හඳුන්වා දුන්නේ ගන්නෝරුව කෘෂි ප්‍රදර්ශනයේදී යි.


සහල් නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කෘෂිභෝගය ලෙස සැලකෙන අතර මේ වන විට සහල් නිෂ්පාදනයේ වර්ධනයත් සමග ඇති අතිරික්ත‍යෙන් වෙනත් නිෂ්පාදන හඳුන්වාදීම මෙහි අරමුණ බවයි ඔවුන් වැඩිදුරටත් එහිදී සඳහන් කලේ.

ගුණවත් අතුරුපසක් ලෙස භාවිතා කළ හැකි මෙම රයිස්ක්‍රීම් නිශ්පාදනය කරනු ලබන්නේ සහල් වලින්ම නිපදවා ගත් කිරි විශේෂයක් සහ වෙනත් දේශීය රසකාරක වර්ගත් භාවිතා කරමින්. මෙම විශේශිත වූ අයිස්ක්‍රීම් වර්ගය නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදය සහ තාක්ෂණික දැණුම ද ජනතාවට කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවත් එහිදී ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කලා.

පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ නිෂ්පාදනයක් වන මෙහි රසය ගුණය ඉතා ඉහල වන නමුත් අනෙකුත් අයිස්ක්‍රීම් වර්ග වලට සාපේක්ෂව ඉතා පහල මිලකට ලබාගත හැකි බවයි ඔවුන් පවසන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...