හලාවත රෝහලේ අධ්‍යක්ෂිකාව කොන්ත්‍රාත්කරුවන්ගෙන් කොමිස් ඉල්ලයි

හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ මහත්මිය විසින් රෝහල් කොන්ත්‍රාත්කරුගෙන් අයථා ලෙස කොමිස් මුදල් ලබාගන්නා බව කොන්ත්‍රාත්කරුවන් පවසනවා.

එම මුදල් ලබා නොදෙන්නේ නම් අසාධාරණ ලෙස ඔවුන්ගේ කොන්ත්‍රාත් අවලංගු කරන බවත් මේ තත්ත්වය නිසා හලාවත දිස්ත්‍රික් රෝහලේ වසර 6කට වැඩිකාලයක් සේවය කළ සනීපාරක්ෂක කම්කරුවන්ගේද සේවය අහෝසි වී තිබෙන බවත් ඔවුන් පවසනවා.

මෙම අසාධාරණයට විරුද්ධව සනීපාරක්ෂක කම්කරුවන් පිරිසක් රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවී ඇති අතර උද්ඝෝෂණයේදී ඇතිවූ උණුසුම් තත්
ත්වයක් නිසා හලාවත පොලිසිය විසින් රෝහල් සේවකයන් 22නෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහල් සේවකයන් පවසන්නේ රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ 
මහත්මිය විසින් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව එම සනීපාරක්ෂක සේවකයන් සේවයෙන් ඉවත් කළ බවයි. 

අධ්‍යක්ෂිකාව විසින් තමන්ගෙන් කොමිස් මුදලක් ඉල්ලූ නමුත් තමන් එයට විරුද්ධවූ නිසා සේවකයන්ට අසත්‍ය ප්‍රකාශ කරමින් ‍ඔවුන්ව මුලාවේ දමා තම කොන්ත්‍රාත්තුවද අවලංගු කොට විල්බට් ඇන්තනී නම් රෝහල් වැඩ රාජකාරි කිසිවක් නොදන්නා හලාවත ප්‍රදේශයේ ගායකයෙකුට රෝහල් කොන්ත්‍රාත්තුව දී ඇති බවට පැරණි කොන්ත්‍රාත්කරු චෝදනා කරනවා.

මීට පෙරද මුදල් අක්‍රමිකතා සම්බන්දයෙන් ඇයට චෝදනා තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යවරයාටද රෝහල් කාර්යමණ්ඩලය විසින් පැමිණිලි කොට තිබූ නමුත් සෞඛ්‍යය අමාත්‍යාශය ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා චෝදනා යට ගසන ලද බවයි පැවසෙන්නේ.

හලාවත මහ රෝහලේ හිටපු හෙද නිලධාරියෙකු වන ආරියදාස මහතා පවසන අන්දමට ඇය විසින් රෝහලට කෑම සපයන කොන්ත්‍රාත්කරුවන් ගෙන් අයථා ලෙස මුදල් ගෙන රෝගීන්ට අඩු ගුණාත්මකභාවයකින් යුතු ආහාර දීම සම්බන්දයෙන්ද චෝදනා ලබා තිබෙනවා. මේ නිසා රෝහලේ එලදයිතාව බොහෝ සෙයින් බිඳ ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.





Related Posts Plugin for WordPress, Blogger...