නොවැම්බර් මස සිට ගුවන් විදුලි නාලිකාවන් සඳහා එකම සංඛ්‍යාතයක්

මේවනවිට ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනය නොවන බවද පැවසේ.

තවද නියමානුකුලව නාලිකා දෙකක් අතර තිබිය යුතු පරතරයද මේ වන විට ලංකාවේ ගුවන් විදුලි සංඛ්‍යාත සඳහා නොමැති ඇති අතර මෙම ගැටලුව වැලැක්වීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතයි.

මෙම වැඩ පිළිවෙල නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති අතර ඒ සඳහා ගුවන් විදුලි නාලිකා 90% සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව ඉදිරියේදී දිවයිනේ කුමන ප්‍රදේශයට ගියත් එකම සංඛ්‍යාතයක් ඔස්සේ එක ගුවන් විදුලි නාලිකාවක් ඇසීමේ ඉඩකඩ හිමිවනු ඇත.

Related Posts Plugin for WordPress, Blogger...