දම්වැල් වලින් බැඳීම නිසා තුවාල වූ මාලිගාවේ අලියා
Monday, August 20, 2012පින්නවල අලි අනාථාගාරයේ පැටවුන් බෝ කිරීමේ හැකියාව ඇති එකම තරුණ ඇතා පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාදීමට සුදානම් කර ඇති බවට පුවතක් මීට පෙර අප විසින් පල කළා.
පරිසරවේදී සජීව චාමිකර මහතා විසින් හෙළි කළ එම පුවතින් කියවුනේ දැනට පින්නවල අලි ඇත්තු 85 දෙනකු පමණ සිටියද ඔවුන් අතර ඇතුන් සිටිනුයේ තිදෙනකු පමණක් බවයි.
අලි ඇතුන් දීමෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීමක් කිරීමට කිසිවෙක් නොමැති අතර පින්නවලින් කොල්ලූපිටිය, පොල්වත්ත විහාරස්ථානය වෙත ලබාදුන් "සිංහරාජා" ගිරිඋල්ලේ දී අකුණු සැර වැදීමෙන් මිය ගියේ දුම්රිය මාර්ගයේ ගැටෙන පරිදි මේ සතා දම්වැලකින් බැඳ තිබුණු නිසාය.
පොල්හේන්ගොඩ, ඇලන්මැතිනියාරාමයේ අලි බලා ගැනීමට යොදවා ඇත්තේ අලි අනාථාගාරයේ "නීලගිරි" මරා දැමීමට සම්බන්ධ වූ ඇත් ගොව්වෙකි. එසේ තිබිය දී 2011 වසරේ දී අලි අනාථාගාරයෙන් "සාමා" නම් ඇතින්න ඇලන්මැතිනියාරාමයට පිරිනැමුණේය.
ඇලන්මැතිනියාරාමයේ සිටින වනාන්තරයෙන් හොරෙන් අල්ලාගත් අලි පැටවකු සචින් වාස් ගුණවර්ධන මහතාට විකුණා ඇති අතර, ඒ සතා දැනට බලාගන්නේ අලි අනාථාගාරයෙන් ඉවත් කළ පෙර සඳහන් කළ ඇත් ගොව්වාය.
මේ අතර ඊයේ උදේ වරුවේ දළදාමාලිගාවේදී බොහෝ දෙනෙකුට දැකගත හැකි දර්ශනයක් වූයේ කකුල් හතරෙන් 3කම තුවාල නිසා ඇවිදගැනීමට නොහැකිව ඉතා අමාරුවෙන් වාරුගන්නා අලියෙකි.
දම්වැල් වලින් තදින් බැඳ දැමීම නිසා මේ අලියාගේ තුවාල වී ඇති බව පැහැදිලිවන්නේ කකුල් වල දම්වැල් පාරවල් ඇති තැන් වලම තුවාල පිහිටා තිබූම නිසාය. ඇතැම් තුවාල අඟල් 2ක් පමණ විශාලය.
එම අලියා අමාරුවෙන් ඇවිද ගිය වීඩියෝව හා ජායාරූප පහතින්.
පහත වීඩියෝවෙහි දැක්වෙන්නේ පසුගියදා අවසන්වූ රන්දෝලි පෙරහැරේ දම්වැල් දමා රැගෙන ගිය අලියෙක් වන අතර ඇතැම් අලින්ට වේවැලකින් පහර තුන හතරක්ම ගසනු දැකගත හැකිවීම සුලභ විය.
අමාරුවෙන් ඇවිද ගිය මාලිගාවේ අලියාගේ තුවාල සහිත ජායාරූප පහතින්.
-සම්බන්ධිත පුවත්-
නාමල්ට අලියෙක්