සන්නිවේදනය සඳහා අලි ඇත්තුත් ගීත ගයයි
Saturday, August 4, 2012අලි ඇතුන් විසින් ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සඳහා ගීත ගායනා කරන බව නවතම සොයාගැනීමක් මඟින් තහවුරුවී තිබෙනවා.
සාමාන්‍ය මනුෂ්‍ය ශ්‍රවණ ඉන්ද්‍රියකට හසු නොවන අධි ධ්වනි ඔස්සේ කෙරෙන මේ ගායනය බොහෝ දුරට මිනිස් හඬින් කෙරෙන ගායනාවලට සමාන බවයි සොයාගෙන තිබෙන්නේ.
සැතැපුම් 6 ක් පමණ දුරකට ඇසෙන හර්ට්ස් 20 ට අඩු ගැඹුරු හඬකින් යුතු මේ ගායන තරංග හරහා පිරිමි සතුන් විසින් ඇතින්නියන් හා කෙනරන් සොයා ගැනීමටත්, තමන්ගේ රැළ එකට තබා ගැනීමටත් යොදාගනු ලබනවා.
පූසන් විසින් පුරු පුරු ගාන්නාක් මෙන් ස්වරතන්ත්‍ර ආධාරයෙන් කෙරෙන මේ ශබ්ද නැඟීම් මඟින් අලි ඇතුන්ගේ හැඟීම් නිරූපණය කෙරෙන බවයි එම පර්යේෂණය කල ජර්මන් සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ.
ඔවුන් ඒ සඳහා ජර්මනියේ බර්ලින් සත්ත්ව උද්‍යානයේ මියගිය අලින්ගේ ස්වතන්ත්‍ර ද පරීක්ෂණ සඳහා යොදාගන තිබෙනවා.