ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට

මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවේ ශ්‍රී ලංකාවට අයත් පළමු චන්ද්‍රිකාව 2015දී කක්ෂගත කිරීම සඳහා "සුප්‍රීම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙන බවයි.

එම සමාගම චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමෙන් නොනැවතී ශ්‍රී ලාංකික ගගනගාමියෙකු ඉදිරි වසර කිහිපය තුලදී උඩු ගුවනට යැවීමටද සැලසුම්කොට තිබෙනවා.

දකුණු පළාතේ කොග්ගල ප්‍රදේශයෙන් අක්කර 30 ක භුමි ප්‍රදේශයක් මෙම සමාගම විසින් ලබාගෙන ඇති අතර එහි ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් හා චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම්කොට තිබෙනවා.


මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයක් යෙදවිමට තිරණය කර ඇති අතර එහි වැඩකටයුතු ලබන වර්ෂයේදී ආරම්භ වීමට නියමිතයි.

කොග්ගල ගගනගාමී පුහුණු ආයතනයේ පුහුණුව සඳහා පැමිණෙන ගගනගාමීන් වැඩිදුර පුහුණුව සඳහා චීනයේ "China Great Wall Industries Corporation" සමාගම වෙත යැවීමට සැලසුම්කොට ඇත.

"සුප්‍රීම් සැට්" සමාගමේ කළමණාකාර මනිවන්නන් මහතා පවසන්නේ තවත් වසර 4 කින් ශ්‍රී ලංකික ගගනගමියෙකු උඩු ගුවනට යාම සිහිනයක් නොවන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ උදව් මේ සඳහා නොමඳව ලැබෙන බවත් ආයෝජන මණ්ඩලය හා විදුලි සංදේශ කොමිෂන් සභාව මේ සඳහා තමන් ධෛර්යයමත් කරන බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මීට පෙර පවසා තිබුණේ තමාගේ බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා වෙන්න පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීම බවයි.

-සම්බන්ධිත පුවත්-
ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි
ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශගාමියා රෝහිත රාජපක්ෂයි

Related Posts Plugin for WordPress, Blogger...