ඊළාම් සමුළුවේ මූලාසනය ගත් ආචාර්ය වික්‍රමබාහු

සම සමාජ පක්ෂයේ සභාපති ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මීට පෙර කොටි වෙනුවෙන් පෙනී සිටියේ වරක් දෙවරක් නොවේ.

මීට පෙර කොටි මහවිරු දිනය වෙනුවෙන් එංගලන්තයේ රැස්වීම් 20කට අධික සංඛ්‍යාවක් අමතන ලද වික්‍රමබාහු ඊයේ දිනයේ තමිල්නාඩුවේ පැවති ශ‍්‍රි ලංකාවේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සදහා වන ඊළාම් සහයෝගිතා සමුළුව සඳහා මූලාසනය ගෙන තිබුණා.

ඉන්දීය ඩි.එම්.කේ පක්ෂ නායක එම් කරුණානිධිගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ඊයේ චෙන්නායි හි ‍‍YMCA ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට මුලින් පොලීසිය අවසරය ලබාදී නොතිබුනද පසුව අධිකරණය විසින් අවසරය ලබා දී තිබුණා.

කරුණානිධි විසින් මීට පෙර පවසා තිබුනේ ටෙසෝ සමුළුවේදී ශ්‍රී ලංකාවේ වෙසෙන දමිළ ජනතාවට සාධාරණත්වයක් ලබා දී ඔවුන්ව නැවත තම ගම් බිම් වල පදිංචි කිරීමට වක්‍රව හෝ සෘජුව සම්බන්ධ වන්නැයි ඉංදීය රජයට බල කර සිටීමට බලාපොරොත්තු වන බවයි.


ලංකාවේ දමිළ ජනතාව බල ගන්වමින් ඔවුන්ගේ ඉඩම් හිමිකම් අයිතිය ලබා දී පාරම්පරික ජීවන රටාවන්ට අනුව ජීවත් වීමේ අයිතිය ලබා දෙමින් ඔවුන්ට ඇති හිමිකම ලබා දීම වැනි කරුණු සම්බඳයෙන් මැදිහත් වීමට හැකි රටවල් වල එකමුතුවක් ඉංදියාවේ මූලිකත්වයෙන් ආරම්භ කිරීම තම අවශ්‍යතාවයත් ඔහු පවසා තිබුණා.

-සම්බන්ධිත පුවත්-
ආචාර්ය වික්‍රමබාහු කොටි වෙනුවෙන් පෙනී සිටියි!


Related Posts Plugin for WordPress, Blogger...