ජනපතිගේ රාමු කළ පින්තූර වීසි කළාට උද්ඝෝෂණ
Monday, August 6, 2012නාවින්න මහරගම පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා විසින් පසුගියදා ජනාධිපතිවරයාගේ රාමු කළ පින්තූර දෙකක් වීසි කිරීම නිසා මහත් කලබැගෑනියක් වී තිබෙනවා.
පසුගිය මාසයේ 30 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් සේවක නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාගේ රාමු කරන ලද පින්තූර දෙකක් රැගෙන සාමාන්‍යාධිකාරීවරයාගේ කාමරයට ගොස් බාරදී තිබෙන්නේ ඒවා එලීමට අවසරය ලබාගැනීම සඳහාය.
එවිට ඔහු විසින් ජනාධිපතිවරයාගේ පින්තූර මෙහි ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය නොවන බව පවසමින් එම පින්තූර දෙක අල්ලා වීසි කර තිබෙන අතර එයින් එකක වීදුරු බිඳි ගොස් තිබෙනවා.
මාතෘ භූමිය බේරා දුන් ජාතියේ පියාගේ පින්තූරයක් මෙලෙස විනාශ කිරීම නිසා මහත් සංවේගයට පත් එම නිදහස සේවක සංගමයේ නිළධාරීන් විසින් ඉන්පසුව සමාන්‍යාධිකාරිවරයා නිලයෙන් පහ කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පවත්වා තිබුනේ එයට විරෝධය දක්වමින්.
එතනින් නොනැවතී ඔවුන් විසින් අදාල සිද්ධියත් ඊට පෙර එම සාමාන්‍යාධිකාරිවරයාගේ දූෂණ අක්‍රමිකතා ඇති බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් මඟින් දන්වා තිබෙනවා.
සාමාන්‍යාධිකාරීවරයා එම නිලයට පත්වී තිබෙන්නේ 2012 ජනවාරි 02 වනදාය. ඒ කැබිනට් අනුමැතියෙනි.
නිදහස සේවක සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට යැවූ ලිපිය හා උද්ඝෝෂණයේ ජායාරූප පහතින්
සම්පූර්ණ ලිපිය මෙතනින්.
උද්ඝෝෂණයේ ජායාරූප එකතුවක් පහලින්.