අධිවේගයේ සුඛෝපභෝගී බස් වෙනුවට සාමාන්‍ය බසුත් එන්න පටන්ගනී
Monday, January 9, 2012මේ පිළිබඳව කලින් දැනුම් දීමක් නොකෙරුන අතර වැඩි මුදලක් ගෙවා සුඛෝපභෝගී ගමනකට සූදානම් වී සිටි මඟීන් හට යාමට සිදුවුනේ සාමාන්‍ය බස් රථයකයි.
මහරගම-ඇඹිලිපිටිය ධාවනය වන මහරගම ඩිපෝවට අයත් NB 1204 දරන එම බස් රථයේ කොන්දොස්තර වරයා වෙනදා සුඛෝපභෝගී බස් රථයකදී අය කරන ගාස්තුව වන රු 400/-ම අය කර ගැනීමට උත්සාහා කර ඇති අතර එසේ අය කරගැනීම අසාධාරණ බව මගීන් හඩ නැගීම නිසා පසුව අයකරගන ඇත්තේ රු. 300කි.
මේ ගැටලුව නිසා බස් රථය ගාල්ලෙන් පිටත් වීමට විනාඩි 10ක් පමණ ප්‍රමාද වූ අතර එය සෙමින් ගමන් කිරීම නිසා කොට්ටාවට පැමිනීමට පැය එකහමාරක පමණ කාලයක් ගෙන තිබෙනවා.
ජායාරූප හා ලිපිය යොමුකළේ: ප්‍රවීන් ඉන්ද්‍රනාම
පලවනදා සිට අධිවේගී මාර්ගයේ බස් රථ සේවාවක්