ශ්‍රී ලංකා කණ්ඩයාමට වාර්තාගත පරාජයක්
Thursday, January 12, 2012
ඊයේ පැවති තරඟයේද කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ළකුණු 301 ක් ලබාගැනීමට සමත්විය. එහිදී හෂීම් අම්ලා ළකුණු 112 ක්ද ජැක් කාලිස් ළකුණු 72 ක්ද නායක ඒ.බී. ඩ්විලියර්ස් ළකුණු 52 ක්ද ලබාගැනීසට සමත්විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ළකුණු 54 කට කඩුළු 5 ක් දවාගැනීමට සමත්විය.
අනතුරුව ළකුණු 302 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20. ක් හා එක පන්දුවක් තුළදී සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ළකුණු 43 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළකුණු 10 සීමාව පසුකලේ කෝසල කුලසේකර පමණි. ඔහු ගත ලකුණු සංඛ්‍යාව 19 කි.
ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර සංගක්කාර නැවත නායකත්වයට ගෙන ඒමට ක්‍රීඩා ක්‍රේෂ්ත්‍රයේ ප්‍රභාලයන් පිරිසක් මේ දිනවල උත්සාහ කරන බවද නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.
ලකුණු පුවරුව

