නිල්ලේ සොයා - ගොසිප්9 ගවේශණ
Thursday, January 12, 2012එකල දෙමාපියන්ද සිය දරුවන් පිලිබදව වැඩි උනන්දුවකින් සොයා බලනු දක්නට ලැබුණි.මෙහිදී ඇතැම් කාරනා පිලිබදව ජනමාධ්‍යයේ අවධානය යොමුවූයේ නැත.
අප මෙම ගොසිප්9 ගවේශනය තුලින් එහිදී අනාවරණය නොවුණු ඇතුලාන්තය පිලිබදව සොයා බැලුවෙමු.
-සැකය-
බස්නාහිර පළාතේ පාසලක ගුරුවරයෙක් සිය පන්තියේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙමින් සිටිනා විට පන්තියේ පිටුපස පේලියේ සිටිනා ළමුන් කිහිප දෙනාගේ අමුත්තක් දැක ඇත.එහිදී එම ගුරුවරයා එම ළමුන් නිරීක්ෂණය කරනා විට මොවුන් යම්කිසි මත්ද්‍රවයක් ශරීරගත කරගෙන ඇතියි කියා සැක සිතා ඇත.පසුව මෙම ළමුන්ගෙන් තදින් කරුණු විමසීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ මොවුන්ගේ මිතුරෙක් මොවුන්ට බෙහෙත් පෙති වගයක් දුන් බවටත් මොවුන් මෙය පානය කල බවටත්ය.
මෙම බෙහෙත ශරීරයේ පවතින අබාධයක් සදහා දැඩි පාලනයක් සහිතව ගතයුත්තකි.අනිතිමේදී හෙළි වුයේ බොහෝ පාසල් අතර මෙය වසංගතයක් ලෙස පැතිරී ගොස් ඇති බවය.
ශ්‍රී ලංකාවේ ටියුෂන් නිසාම පවතින නගර පවතී.මෙම පුවත වාර්තා වුයේ එවැනි නගරයකිනි.ඒ ටියුෂන් පන්ති පවත්වන ආයතන අසල “ඩි පැණිය” ලෙස සිසුන් හදුන්වන පානය අඩංගුව තිබු හිස බෝතල සිය ගණනින් හමුවීම නිසාය.එහිදී හෙළිවුයේ ඇතැම් සිසුන් “පොඩි ත්‍රිල්” එකක් ලබා ගැනීමට මෙය පානය කරන බවය.මෙවැනි ඖෂධ භාවිතා කල යුත්තේ හිතුමතේ නොවේ
-ඇතුලාන්තය-
මෙම ලිපියෙහි අරමුණ වුයේ සමාජයෙහි තවත් අදුරු පැතිකඩක් හෙලිකිරීම මිස තවත් පිරිස් එම අඳුර වෙත ඇද හැලීම නොවේ.එහෙයින් බොහෝ දෙනාගේ ඉල්ලීම මත ලිපියේ මෙම කොටස ඉවත්කරන ලදී
ලිවීමට තව බොහෝ දේ ඇත. සොයාගත් කරුණු බොහෝ ඇත.මත්ද්‍රවය ලෙස මිට වඩා දේවල් භාවිතා කරනු ඇත.මෙය ආරම්භයක් පමණි.
ඔබ පාසල් යන වයසේ දරුවෙකු සිටින දෙමපියෙක්ද?දැන් ඔබේ දරුවා කොහෙද?
ඔහු පිලිබදව සොයා බලන්න.ඇතැම් විට මේ මොහොතේ “නිල්ලේ සොයා ” යන්නේ ඔබේ දරුවා විය හැක.