පබා යලි විපක්ෂයට ?
Thursday, December 8, 2011
උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා එක්සත් ජාතික පක්ෂෙන් තරඟකොට මංත්‍රීධුරයක් ලබාගෙන ආණ්ඩුවට එක්වුයේ 18 වන සංශෝධනයට සහය පළකරමිනි.ඒ පිටුපස ඇයගේ සැමියා මහේෂ් සිටි බව පසුව ඇය විසින් හෙළිකරන ලදී.
ඇයගේ විවාහය අසාර්ථක වීමත් සමග නැවත ඇය විපක්ෂය වෙත එක්වන බවට රාවයක් පැතිර ගියත් ඇය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.නමුත් මේවන විට ඇය සිටින්නේ තම පක්ෂය පිලිබඳ ස්ථාවර අදහසකින් නොවන බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හා නළුවෙකු වන පුද්ගලයෙකු විසින් මේ දිනවල නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඇයව යලි විපක්ෂයට එක් කරගැනීම සඳහායි.මේ සම්බන්ධයෙන් ඇය පවසා ඇත්තේ "බලමු..මම තව අවුරුද්දක් ආණ්ඩුව ගැන බලනවා." යනුවෙනි.
මෙම ප්‍රකාශය ඇයට බොහෝ සෙයින් අවාසි වී ඇත්තේ ආණ්ඩුවේ ඉහලට මේ පිළිබඳව දැනගැනීමත් සමග ඇයට ඉදිරියේදී ලැබීමට තිබු නියෝජ්‍ය ඇමැතිකමද ලබානොදීමට තීරණය කර ඇති හෙයිනි.
