මැති ඇමතිවරු ගැටෙන එක්දින ක්‍රිකට් තරඟය
Monday, December 5, 2011
මෙම ක්‍රිකට් තරඟයේ පිල් දෙක ලෙසින් ක්‍රීඩා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පාර්ලිමේන්තු අමාත්‍යවරු කණ්ඩායමයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ප්‍රබලයන් වූ මන්ත්‍රී සනත් ජයසුරිය සහ අර්ජුන රණතුංග ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙම ක්‍රිකට් තරඟයේ ජය ලබාගැනීම සඳහා මැති ඇමතිවරුන් දැන් දවසේ බොහෝ කාලයක් යොදවන්නේ ටොරින්ටන් පිටියේ පුහුණුවීම් වලට.
මන්ත්‍රී කණ්ඩායමට ශක්තියක් වීමට සනත් හා අර්ජුන ක්‍රීඩාකරනවා මෙන්ම අමාත්‍යවරුන්ගේ කණ්ඩායමට ශක්තියක් ලබාදෙමින් ජනාධිපතිතුමාද ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙම කටයුත්ත සංවිධානය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරමුණ ගෙන කටයුතු කරන අතර මෙම මස 11 වනදා මෙම ක්‍රිකට් තරඟය පැවැත්වීමට නියමිතයි.මෙම ක්‍රිකට් තරඟය සජීවීව CSN නාලිකාව ඔස්සේ නැරඹිය හැක.මෙම තරඟය ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමට නියමිතයි.
