ජැකලයින් ලංකාවේ චිත්‍රපටයක රඟපෑමට යයි
Wednesday, November 30, 2011ඇය මේ දිනවල කොළොඹ බහුජාතික සමාගමක වෙළඳ දැන්වීමක රුගතකිරීම් වලට සහභාගී වෙමින් සිටින අතර ලංකාවේ චිත්‍රපටය සඳහා ඇයට අරාධනාකොට ඇත්තේ මේ අතරතුරය.
ඇයට චිත්‍රපටයේ පෙනී සිටීමට ඇත්තේ කුඩා දර්ශනයක පමණක් වන අතර නිෂ්පාදකයන් විසින් ඒ සඳහා ඩොලර් 10,000 ක මුදලක් ගෙවීමට කැමැත්ත පලකොට ඇත.
නමුත් ජැකලින් ප්‍රකාශකොට ඇත්තේ ඉන්දියාවේදී තමා ලබන ආදයාම හා සංසන්දනය කිරීමේදී මෙය ඉතා සුළු මුදලක් බවත් මවු බිමට කෙරෙන උපකාරයක් ලෙස එම දර්ශනයට නොමිලේ පෙනී සිටින්න ඇය කැමති බවත්ය.
මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරනු ලබන්නේ භාතිය හා සන්තුෂ් විසිනි.
