ගුවන්තොටුපලේදී තොන්ඩමන් යකා නටයි
Tuesday, November 29, 2011
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
අමාත්‍යවරයා යා යුතුව තිබුනේ වී.අයි.පි. මගින් ගමන් ගන්නා මන්තිරුවේ වුවද අමාත්‍යවරයා පැමිණ ඇත්තේ සාමන්‍යය මන්තිරුවේය.එහිදී එහි සිටි ආරක්ෂක නිලධාරියාට සාමන්‍යය මන්තිරුවේ පැමිණි තොන්ඩමන් මහතා හදුනා ගැනීමට නොහැකිවී ඇත.
මින් කෝපයට පත් කැබිනට් අමාත්‍ය තොන්ඩමන් පිරිස මැද්දෙදිම ආරක්ෂක නිලධාරියාට අසභ්‍ය වදනින් බැන වැදී ඇත.
බොහෝ වෙලාවක් ගුවන්තොටුපලේ කලබල කිරීමෙන් අනතුරුව ගුවන් යානයට නැගී අමාත්‍යවරයා ගුවන් යානයේ සිටි ගුවන් සේවිකාවන් හිංසනයට පත්වන අයුරින් අසභ්‍ය වදනින් බැන වැදී ඇති අතර වීදුරු වතුර බෝතලයක් ගුවන් යානය තුල පොලවේ ගසා කුඩු කර ඇත.
ඉන් පසුව සිය ලේකම්වරයෙකුට කතාකල අමාත්‍යවරයා පවසා ඇත්තේ තමා මින් පසු කිසිම දිනක ලංකාවට නොපැමිණෙන බවත් තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය චෙන්නායි බලා ලංවූ වහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබෙන්න සලස්වන ලෙසත්ය.
