ෂොපින් ගිය මාලිංග

ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ බිහිවූ දක්ෂ පන්දු යවන්නෙකි.නමුත් මෑතකදී ඔහුට එල්ලවූ චෝදනාව වුයේ ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා වැඩි දායකත්වයක් සැපයීම සම්බන්ධයෙනුයි.

අවසාන වරට පැවති ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ගිවිසුම්ගත පරිදි ටෙස්ට් සංචාරය සඳහා මාලිංග පැමිණීම ප්‍රතික්ෂේප කිරීම බොහෝ දෙනාගේ කතා බහට ලක්වුවා.

මෑතකදී ලසිත් මාලිංග විසින් සති අන්ත පුවත්පතකට කනස්සල්ලෙන් ප්‍රකාශකොට තිබුනේ තමාට ඉන්දියාවේ ලංකාවට වඩා පිළිගැනීමක් ඇති බවයි.

ලසිත් මාලිංගට එල්ලවන අලුත්ම චෝදනාව වන්නේ පසුගියදා ඩුබායි හි පැවති තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්‌ඩායම පුහුණුවීම් සිදුකරන අවස්‌ථාවලදී ඒවාට සහභාගි නොවී ඩුබායිහි වෙළෙඳ සංකීර්ණවල ඇවිදගොසින් සාප්පු සවාරියේ යෙදීමයි.

මාලිංගගේ මෙම ක්‍රියාව සියසින් දුටු එරට සිටින බොහෝ ශ්‍රී ලාංකිකයෝ කලකිරීමට පත්ව තිබෙනවා.

මාලිංග ඩුබායි වෙළඳ සංකීර්ණ වල සාප්පු සවාරියේ ගිය අන්දම පහතින් බලන්න


ලසිත් මාලිංග කනස්සල්ලෙන්


Related Posts Plugin for WordPress, Blogger...