දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ පලමු රිය අනතුර

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

අද (28) පෙරවරු 7.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ. අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව සිදුවූ ප‍්‍රථම අනතුර ලෙස සැලකෙන මෙම අනතුරේ ජායාරුප පහතින් බලන්න 

 

Related Posts Plugin for WordPress, Blogger...