දරු ගැබ් ඉවත් කිරීමට හැකි නව නීති සැකසීමට යයි
Monday, November 28, 2011
ස්ත්රී දුෂණයක් සිදුවූ විට දූෂණය වූ පුද්ගලයාගේ දරුවෙක් ජීවිත කාලය පුරාම මානසික වේදනා විඳිමින් රැක බලාගතයුතු අවස්ථාවෙන් නිදහස් වීමට මේ අනුව කාන්තාවන්ට පුලුවන් වෙනවා.
ඒ අතරම මන්ද මානසික දරුවෙකු හෝ ශාරීරික දුබලතා ඇතිව හෝ පිළිසිඳ ගෙන ඇතැයි සනාථ කර ගත් කාන්තාවකට එම දරු ගැබ ඉවත් කිරීමට අවසර ලැබෙන නව නීති සකස් කිරීමටත් බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් සුමිත‍්‍රා රාහුබද්ධ මහත්මිය පෙන්වා දෙන්නේ.
ඇය මේ බව අනාවරණ කළේ පසුගියදා නව යෞවනයේ හා තාරුණ්‍යයේ අභියෝග ජය ගැනීමට “ජීවන නිපුණතා” මාතෘකාව යටතේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින්
මේ නව නීතිරීති ගෙන ඒමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් සමඟ සංස්කෘතික හා වෙනත් ගැටලුවලට මුහුණ දීමට ද සිදුවිය හැකි වුවත් ආබාධිත දරු ගැබක් කුස තුළ දරා සිටීම මවටත්, දරුවාටත්, සමාජයටත් සිදුකරන අසාධාරණයක් බවත් මේ දරු ගැබ ඉවත් කිරීම ඔවුන්ට කරන යහපතක් බවයි ඇය පෙන්වා දෙන්නේ.
