ටාසන් බාප්පා යුග දිවියට

ලංකාවේ එෆ් එම් රේඩියෝ ඉතිහාසය තුල අතිශය කතා බහට ලක්වූ චරිතය කේ.කේ වී ටාසන් හෙවත් කැලෑ කීර්ති වැල් ටාසන්ය. ටාසන් බාප්පා ලෙස හඬ යොදමින් ලාංකික ජනතාවගේ ඉමහත් ආදරයට පාත්‍රවූ චතුර ලක්මාල් විජේරත්න පසුගියදා යුගදිවියට එළඹුනා.

සිරස එෆ් එම් රේඩියෝව තුලින් 2006 වසරේ ආරම්භ කරන ලද ටාසන් බාප්පාගේ හාස්‍ය පිරි එම වැඩසටහන එකල හවස් කාලයේ එෆ් එම් නාලිකාවල තිබූ නන්ස්ටොප් රැල්ල, හින්දිගීත රැල්ල පරදවා කොතෙක් ජනප්‍රියවීද යත් අනෙක් නාලිකාද කිසිම හිරිකිතයකින් තොරව එය කොපි කරමින් වැඩසටහන් ඉදිරිපත් කරන ලදි.

නමුත් ටාසන් බාප්පලා වෙනත් නාලිකා තුලින් බිහිවුවද සැබෑ හාස්‍ය රසය පිරි නිර්මාණාත්මක වැඩසටහන් වල පිටපත් ලියා ඒවා ඉදිරිපත් කළේ මොහුය.

ටාසන්ගේ අප්සට් ගීත, ඉංග්‍රීසි පාඩම, කැලෑපත්තරේ, නාඩගම් ආදී විවිධ විකට අංගයන් ඔහුගේ හඬින් එම වැඩසටහන තුලින් ඉදිරිපත් වුවද මෙම වැඩසටහන ඉදිරිපත් කල පුද්ගලයාගේ විස්තර එකල කිසිවෙක් දැන සිටියේ නැත.

ඔහුගේ ගම මහනුවර දිගන-රජවැල්ල ප්‍රදේශයේය. 2000 වසරේ උසස් පෙළ සමත්ව කොළඹ කළමණාකරන පීඨයේ උපාධිය හදාරන අතරේ සහන් රන්වල මහතාගේ ජන ගී කණ්ඩායමට සම්බන්ඳවීමෙන් පසු ඔහු සිරස ආයතනයට සම්බන්ඳ වුනි.

නමුත් සිරස එෆ් එම් ආයතනයෙන් ඔහුගේ නිර්මාණ වලට සිදුවූ යම් යම් අසාධාරණකම් නිසා ඔහු සිරස එෆ් එම් ආයතනයෙන් ඉවත්වී 2008 වසරේ ශ්‍රී එෆ් එම් ගුවන් විදුලියට සම්බන්ඳ වුනා. සැබෑ නමින් ජනතාව අතරට ඔහුට එන්නට පුලුවන් වුනේ ඉන්පසුවයි

ඔහුගේ විවාහයේ ජායාරූප පහතින්.
(ජායාරූප- මිහිර බණ්ඩාර දිසානායක)

ඔහු විසින්,
2008 වසරේ ඉරුදින පුවත්පත සමඟ කල සාකච්ජාව මෙතනින්
2008 වසරේ ලක්බිම පුවත්පත සමඟ කල සාකච්ජාව මෙතනින්




















Related Posts Plugin for WordPress, Blogger...