සුදු කොඩි නඩුවෙන් සරත් ෆොන්සේකා වරදකරු- වසර 3 ක සිර දඬුවම්- ෆෙඩ්රිකා රට පනී


ප:ව 08.21


නඩු තීන්දුව දීමෙන් අනතුරුව කුපිත වූ ජනතාව ජනපතිගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් එල්ලූ "චිරං ජයතු" කටවුට් කඩා බිම දමා පාගා තිබෙනවා. එවැනි ජායාරූප එකතුවක් මෙතනින්

සරත් ෆොන්සේකා මහතා උසාවියෙන් පිටව යන අවස්ථාවේ ජායාරූප එකතුවක් මෙතනින්


ප:ව 06.17

වැලිකඩ බන්ධනාගාරයට දැඩි රැකවල්
නඩු තීන්දුව ප්‍රකාශ වීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයට සරත් ෆොන්සේකා රැගෙන ආ පසු ආධාරකරුවෝ පිරිසක් ද ඒ අවට රැස්ව සිටියා. ඒ නිසා කැරළි මර්දන කණ්ඩායම් එහි කැඳවා සිටි අතර බන්ධනාගාර ප්‍රධාන පිවිසුම් දොරටුව හා ඒ අවට රැකවල්ද තර කර තිබෙනවා.

ප:ව 05.25

දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියනියගේ මංගල්‍යයට අත්සන් කළේ ජනාධිපතිවරයා
අද ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස ප්‍රකාශ කළේ දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු විසිනි. දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියණිය පසුගිය මාර්තු 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගත්තා. සුදු කොඩි නඩුව විභාග වන අවස්ථාවේ මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

මේ පිළිබඳව මීට පෙර අප විසින් හෙළි කළ ලිපිය මෙතනින්


ප:ව 03.35

තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා නඩුවක්
සරත් ෆොන්සේකා මහතාට අද මහාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මෙම නඩුවේදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පවසනවා.

නඩු තීන්දුවේ ලිඛිත පිටපතක් අද දින අධිකරණයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එය ලබාගත හැකි වුවහොත් ලබන මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා දිනයේ අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බවත් ඔහු පවසනවා. මහාධිකරණ නඩුව විභාගයට ගත්තේ ත්‍රී පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නිසා මෙම අභියාචනය සලකා බලනු ඇත්තේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ බවයි සරත් ෆොන්සේකා මහතාගේ නීතීඥයන් පවසන්නේ



ප:ව 12.45

ජනතාව කුපිතවේ. අධිකරණ භූමිය අවට කලබල
අනපේක්ෂිත තීන්දුවෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස "ජෙනරාල් තුමාට ජය වේවා. ආණ්ඩුවට සාප වේවා" කියමින් කෑකෝ ගසා තිබෙනවා. ෆොන්සේකා මහතා නඩුවකට පටලැවූ ෆ්‍රෙඩ්රිකාටද ජනතාව සාප කරමින් දෙස් දෙවොල් තබා තිබෙනවා.

කුපිතවූ ජනයා අධිකරණ භූමියේ තිබූ පුටු වලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදී තිබෙන අතර අධිකරණ භූමියටයටද ගල් ගසා තිබෙනවා. මේ අතර තවත් පිරිසක් අධිකරණයට සහ විනිසුරුවන්ට සාප කරමින් අධිකරණය අසල ඇති බෝධිය ඉදිරිපිට පොල් ගැසූ බවද වාර්තා වෙනවා.


නීතීඥයන් හා බන්ධනාගාර නිළධාරීන් අතරත් ගැටුම්
තීන්දුව දී විනිසුරුවරයෝ ඉවත් යාමෙන් අනතුරුව නීතීඥයෝ සරත් ෆොන්සේකා මහතාට මල් මාලා පළඳවා තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් හා නීතීඥයන් අතර ගැටුමක් ද හටගන තිබෙනවා.

ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත ගෙනයාම අවහිර කරමින් ජනතාව බාධා කල අතර පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතාව අධිකරණයේ පිටුපස දොරින් ඇදගන ගොස් බන්ධනාගාර වාහනයකට දමාගන තිබෙනවා. මෙම අවස්ථාවේ බන්ධනාගාර ජීප් රථය පොළිස් රථයකද ගැටී තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත රැගෙනයාමට ජනතාව බාධා කල වීඩියෝ පහලින්

BREAKING NEWS

ප:ව 12.04
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා 2010 ජූලි 07 දා පැවරූ සුදු කොඩි නඩුවේ අවසන් තීන්දුව මීට ස්වල්ප වෙලාවකට පෙර ප්‍රකාශ වුනා. තීන්දුව අනුව සරත් ෆොන්සේකා මහතා වරදකරු වූ අතර වසර 3 ක සිර දඬුවම් නියම වුනා.

වසර 3ක සිර දඬුවමට අමතරව රුපියල් 5,000ක දඩ මුදලක් ද නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිර දඬුවමක් නියම වනවා.

ත්‍රී පුද්ගල විනිසුරු මඬුල්ලෙන් එක විනිසුරුවරයෙක් සරත් ෆොන්සේකා මහතා නිවරදිකරු බවට ප්‍රකාශ කර නිදොස් කර ඇති මුන් 2/3 ක තීන්දුව අනුවයි සරත් ෆොන්සේකා මහතා වරදකරු වුනේ

තීන්දුව ප්‍රකාශට පත්වීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහත ප්‍රකාශ කර සිටියේ තමන් මේ තීන්දුව පිළි නොගන්නා බවත් මෙය බලපෑම් මත දුන් තීන්දුවක් බවත්ය.

ෆොන්සේකා මහතා නිදොස් බව එක් විනිසුරුවරයෙක් කියයි
ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලේ දිපාලි විජේසුන්දර (සභාපති විනිසුරු), ඉසෙඞ්. රෂින් යන මහත්ම මහත්මීන් ෆොන්සේකා මහතාට දඩුවම් දියයුතු බව තීරණය කළ අතර ඩබ්ලිව්. ටී. එම්.පී.බී. වරාවැව මහතා පවසා ඇත්තේ ෆොන්සේකා මහතා චෝදනාවලින් නිදොස් කළ යුතු බවයි.


අධිකරණ භූමිය නොසන්සුන්- සිරස වීඩියෝව

දෙරණ වීඩියෝව


 2009 දෙසැම්බර් 08 වනදා "සන්ඩේ ලීඩර්" පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී යුද්ධයේ අවසන් දිනවල සුදු කොඩි රැගෙන බාරවීමට එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අණ කළැයි සන්ඬේ ලීඩර් පත‍්‍රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව ගොනු කර තිබුනා.

මහාධිකරණ ත්‍රිත්ව පුද්ගල විනිසුරු මඬුල්ලක් යටතේ විභාග වූ මෙම නඩුවේ 2010 ජූලි 29 දා ප්‍රථම වතාවට අධිකරණය හමුවේ සරත් ෆොන්සේකා මහතා පෙනී සිටි අතර සැප්තැම්බර් 27 දා සිට නඩුව විභාගයට ගනු ලැබුවා.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්, පොලිස් පරීක්ෂක අනුර ද සිල්වා, එ.ජා.ප. නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, දෙරණ සහ සිරස ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්, එහි මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් මෙම නඩුවේදී සාක්ෂි දුන්නා.

රෙකෝඩ් කරපුවා නෑ. සටහන් පොතත් මඤ්ඤං
සුදු කොඩි කතාවේ හඬ පටයක් ඇති බව රජයේ මාධ්‍ය හා මැති ඇමතිවරුන් පසුගිය ජනාධිපතිවරන වේදිකා වල ප්‍රකාශ කළත් පසුව ෆෙඩ්‍රිකා ජෑන්ස් ප්‍රකාශ කළේ තමා අනෙකුත් සම්මුඛ සාකච්ජාවලට රෙකෝඩ් කරන උපකරන රැගෙන ගියත් මෙම සාකච්ජාව කරන ලද්දේ සටහන් පොතක ලිවීමෙන් පමණක් බවයි.

පසුව එම සටහන් පොත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට බාර දී සීල් තැබු අතර ඒ වනතෙක් එම පොත ඇය සන්තකයේ තිබූ නිසා එහි ඕනෑම දෙයක් සටහන් කිරීමේ වාසියද ඇයට තිබුනි.

ඉන්පසු නඩුව විභාග කිරීමට ගත් අවස්ථාවේ හෙළි වුනේ එම සටහන් පොතේ සමහර පිටු අඩු බවකි. තවද සරත් ෆොන්සේකා මහතා සමඟ සම්මුඛ සාකච්ඡාව සටහන් කරගත් කොළවල ඝනකම අනෙක් කොළවලට වඩා ඝනකමින් වැඩි බව විත්තියේ නීතීඥවරුන් පෙන්වා දීමෙන් අනතුරුව විනිසුරුවරුන් විසින් එය පිලිගන්නා ලදි.

නඩුව විභාගයට ගැනෙන බොහෝ දින වල සරත් ෆොන්සේකා මහතා කතා කිරීම ආරම්භ වන විටදී විදුලිය විසන්ධි වීමක් වූ අතර එය විනිසුරුවරුන්ගේද දැඩි දෝශ දර්ශනයට ලක් වුනා.

තරු හතරේ ජෙනරාල් ද බොරු කාර ෆෙඩ්රිකා ද අධිකරණයට විශ්වාස
පසුගිය මාසයේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා සිය විත්තියේ දේශනයේදී පැවසුවේ "තරු හතරේ ජනරාල්ගේ කතාව විශ්වාස කරනවා ද උසාවියට බොරු කී, උසාවිය නඩුවලට පැටැලී සිටින ෆෙඩ්රිකා ජෑන්ස් කතෘගේ කථාව විශ්වාස කරන්නේ ද යන්න අධිකරණය හමුවේ ඇති එකම ප‍්‍රශ්නය" බවයි

"ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරැහුම්
ඉවසන්නට පුළුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්" යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහු සිය විත්තියේ දේශනය අවසන් කළා.

අළුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට අධි ආරක්ෂිත කලාප බෑ
අද දින නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ විරෝධතා ව්‍යාපාරයක්‌ ඇති විය හැකි බැවින් අළුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට අධි ආරක්ෂිත කලාපයක් ලෙසින් නම් කරන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය ඊයේ කළ ඉල්ලීමක්‌ අධිකරණය ප‍්‍රතික්ෂේප කළා. මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා කියා සිටියේ කිසියම් කලබලයක් සිදුවුවහොත් පොලිසියට ඇති බලතල අනුව ක්‍රියා කළ හැකි බවයි

ෆ්‍රෙඩ් රිකා රට පනී
මේ අතර ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ‘සුදු කොඩි’ නඩුවට පැටලූ සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් ඊයේ පෙරවරුවේ ශ‍්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බව වාර්තා වනවා. එසේම එම පුවත්පත් ආයතනයේ සභාපති ලාල් වික‍්‍රමතුංග මහතා ද ඇය සමඟම විදේශගතව තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතා යුද්ධය නිම කිරීම උදෙසා සිදුකල මහඟු කාර්යය පිළිබඳව සැකසූ වීඩියෝවක්

Related Posts Plugin for WordPress, Blogger...