2012 අය වැය ලේඛනයේ සාරාංශය
Monday, November 21, 2011
දෙවැනි ධුර කාලයේ දෙවැනි අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙය මහින්ද රාජපක්‍ෂ රජයේ හත්වැනි අයවැය ලේඛනයයි. 2012 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය විසර්ජන පනතට අනුව ලබන වසරට සමස්‌ත වියදම රුපියල් බිලියන 1,284 කි.
හෙට සිට 30 දා දක්‌වා දින හතක් අයවැය දෙවැනි වර කියෑවීමේ විවාදය පවත්වා ඡන්ද විමසීම පැවැත්වෙන අතර අනතුරුව දෙසැම්බර් 01 දා සිට 21 වැනිදා දක්‌වා අයවැය විසර්ජන පනත තුන්වන වර කියෑවීම විවාදය දිනපතා පැවැත්වේ.
2012 අයවැය විසර්ජන පනත සඳහා අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 21 දා පැවැත්වීමට නියමිතයි.
මෙවර අය වැය ලේඛනයේ සාරාංශය මෙසේය
※ රාජ්‍ය සේවකයන්ට 10 % වැටුප් වැඩිකිරීමක්
සියලුම රජයේ සේවකයින්ගේ සහ ආරක්ෂක අංශවල නිලධාරීන් සඳහා 10% ක මූලික වැටුප් වැඩිවීමක් ලබාදීමට 2012 අයවැයෙන් යෝජනා කර තිබේ.
එමෙන්ම රජයේ මාණ්ඩලික තනතුරු සඳහා 05% ක වැටුප් වැඩිවීමක් ලබාදීමට සහ වෛද්‍යවරු, අනද්‍යන කාර්යය මණ්ඩල සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත ද වැටුප් වැඩිවීමක් ලබාදීමට අයවැයෙන් යෝජනා කර ඇත.
※ පොලිසියටත් තුන්වන දරුවාගේ දීමනාව
ආරක්ෂක අංශවල සාමාජිකයින්ගේ පවුල්වල උපත ලබන තුන්වන දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමේ යෝජනාව 2012 වසරේ සිට පොලිස් නිලධාරීන් වෙතද පිරිනැමේ
※ ජේෂ්ඨ මාධ්‍යවේදීන්ට බදු සහන
වසර 25 ක පළපුරුද්ද සහිත ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදීන්, ලේඛකයින් සහ කලාකරුවන්ට රුපියල් මිලියන 1 .2 දක්වා පොලී රහිත රථවාහන ණය ලබාදීම
※ සුඛෝපභෝගී වාහන බද්ද නැවතත් ඉහලට
සුඛෝපභෝගී වාහන සඳහා වන ගාස්තුව ඉහළ නැංවීමටත්, ලොරි සහ බස් රථ සඳහා වන ගාස්තුව වෙනසක් සිදුනොකිරීමටත් එමගින් යෝජනා කර ඇත
※ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට බදු සහන
සංචාරක කර්මාන්තය සඳහා ආනයනය කරනු ලබන බස් රථ සඳහා වන වැට් බද්ද ඉවත්කිරීම හා ගුවන් කොටුපළ කුලී රථ සේවය සඳහා ආනයනය කරන වාහන සඳහා අයකරන වැට් බද්දෙන් 50% ක් අඩු කිරීමට ද යෝජනා කර ඇත.
※ උසස්පෙළ සමත්නම් වෘතිය පුහුණුවටත් වරම්
අ.පො.ස උසස් පෙළ විභාගය සමත්වන සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා මෙන්ම වෘත්තීය පුහුණු ආයතන ප්‍රවේශය සඳහා ද සුදුසුකම් ලැබීම
※ සෞඛ්‍ය අංශයට මිලියන 500
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙන්කිරීමට යෝජනාකොට ඇත
※ ආයෝජකයනට බදු විරාම
රුපියල් කෝටි 500 – 30000 අතර මුදලක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ආයෝජකයනට වසර 3 සිට 4 දක්වා බදු විරාමයක්
※ රුපියලේ අගය 3%කින් බාල්දු කෙරේ
රුපියලේ අගය සියයට තුනකින් අව ප්‍රමාණය කරන බව ජනපති අය වැය ඉදිරිපත් කරමින් කීවේය. මේ අනුව රුපියල් 1,000ක වටිනාකම රුපියල් 970/-කි.
