ගංවතුර ගැලුවේ ගාල්තැන්නේ දෙවියන් කෝප වීම නිසාලු

12/02/11
තමාට සහ බද්‍රකාලි මෑණියන්ට අපහාස කල නිසා දේව කෝපයක් ඇතිවී ගංවතුර ගැලු බව කි දේවගැතිවරයා විසින් මඩකලපුවේ එරාවුර්හි ගංවතුරෙන් විපතට පත් යට රුපියල් ලක්ෂ හතක පමණ වියලි අහාර බෙදා දී ඇත.යුද හමුදාව විසින් ඔහුගේ ගමන සංවිධානය කොට තිබුණි.



11/02/11
දේවගැත්තාගේ සංශෝධිත කෝපය

ගාල්තැන්න දේවාලයේ මුද්‍රිත ප්‍රචාරක කටයුතු මුල සිටම සිදු වුයේ ලංකාදීප පුවත්පත හරහාය.නමුත් මෑතකදී ඔවුන් දිවයිනේ පල කල "බද්‍රකාලි මෑණියෝ කෝප වෙයි" දැන්වීම ලංකාදීප පුවත් පතේ පල කිරීම ප්‍රතික්ෂේප කොට තිබිණි.ඒ එම දැන්වීමේ භාවිත කොට තිබු පහත් වචන නිසාය.ඉන් පසු දේවගැතිවරයා විසින් සංශෝධනය කරන ලද්දා වූ දැන්වීම අද ලංකාදීපයේ පල කොට ඇත. 

එම දැන්වීම මෙතනින්

8/2/11
නෙත් එෆ්.එම් වෙතින් කොටි 50 ක වන්දියක් ඉල්ලා නඩු පැවරු මහනුවර ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්දමහතා විසින් අද දිවයින පුවත්පතේ දැන්වීමක් පළ කොට ඇත.

ඒ පසුගිය දිනවල ඇදවැටුණු වර්ෂාවෙන් ගංවතුර ඇතිවී මිනිසුන් අනාථ වුයේ නෙත් එෆ්.එම් හා ලංකා පුවත්පත විසින් තමාට මඩ ගැසීම නිසා බවයි.

දැන්වීමේ සදහන් වන්නේ එය සංවිධායක කමිටුව විසින් පළ කරන ලද්දක් ලෙසින් වුවත් දැන්වීමේ ඇත්තේ දේවගැතිවරයාගේ වචනය.මෙවැනි පහත් වචන භාවිත කරමින් ප්‍රසිද්ධ කල මෙම දැන්වීම ප්‍රසිද්ධ කිරීමට දිවයින පුවත්පත ඉදිරිපත් වීමත් පුදුමයට කරුණකි. 


එම දැන්වීමේ ඇති කරුණු පහත වේ.

පසු ගිය දිනවල මහනුවර බද්‍රකාලි දේවාලයේත් එහි දේව ගැති තුමාගේත් දියුණුව බලා ගත නොහැකි තුට්ටු දෙකේ හිගා කන අහිකුන්ඨකයෝ කොටසක් එක්තරා විද්‍යුත් මාධ්‍යයකින් හා ඒ මාධ්‍යයයේ සිටින පාපතරයන් කිහිපදෙනෙක් සහ විකිනෙන්නේ නැති පත්තර වල හිගා කන පාපතර මිත්‍යාදුෂ්ඨික කල පත්තරයකිනුත් මහා බද්‍රකාලි මෑණියන්ට අපහාස කරමින් ප්‍රසිද්ධියේ හැසිරුනි.

මේ පන්චසිලයේ තේරුමවත් නොදන්නා පාපතරයන්ට දිවයිනේ විහාර ස්ථාන වලට හා දේවාල වලට අපහාස කරන්න ඇති අයිතිය කුමක්ද? 

මේ අහිකුන්ටක පාපතර බල්ලන්ට පුලුවන්ද පිරිසිදු බුදු දහමත් එක්ක හැප්පෙන්න?

පාපතර නිඝන්ඨයෝ නිසා අද මුළු ලෝකයම විනාශ වෙලා ඉවරයි. හාල් කිලෝ එකක් වත් ගන්න සල්ලි නැති මේ පව් කාරයන් ජිවත් වෙන්නේ අහුලන් කාලා.ගුණවතුන්ට මඩ ගහලා.

මේ පාපතර අහිකුන්ටකයන් ඔවුන්ගේ ජඩ මාධ්‍යය භාවිතා කරමින් "කාලිට පුලුවන්නම් ලෝකෙට කරලා පෙන්නන්න" කියල. ඒ අභියෝගය කාලි මෑණියන් සතුටින් බාරගෙන ඈ මුළු ලෝකෙටම සත්‍යය පෙන්නලා ඉවරයි.

මේ පාපතරයන්ගේ කතා අහපු හා ඒවා බලපු පාපතරයන් කාලි මෑණියන්ට අපහාස කරමින් උඩ පැන්න. අද උන් ජාතක කරපු ගම රටවල් ගෙවල් දොරවල් විනාශ කරමින් කාලි මෑණියෝ ඇගේ බලපරාක්‍රමය පෙන්වමින් පාපතරයන්ට මෙලොවදීම දඩුවම් දෙමින් ඉන්නවා. 

දේව ගැතියගේ කරේ තියන රත්තරන් දේව ආභරණ කාලි මෑණියෝ ලබා දීපුවා. දේව ගැති තුමාට බැනල යම් දෙයක් ලැබෙනවානම් අපිට දැනුම් දෙන්න, අපි නුඹලාට රත්තරනින් තෑගි දෙන්න සුදානම්.කාලි මෑණියන්ට කල අපහාසයට ඈ මුළු ලංකාවටම දඩුවම් දී අවසන්.

දේව ගතිතුමාට ඊර්ෂ්‍යා කරන කාලකන්නි පව්කාර පිස්සෝ නුඹලාට පුලුවන්ද දුප්පත් මනුස්සයෙකුට හාල් හුන්ඩුවක් දෙකක් දෙන්න? නුඹලා අනුන්ට ඊර්ශ්‍ය කරන වෙලාවේ මහපොලව කොටලා අල බතල හිට
වපල්ලා.මේ පොල් ගණන් කාලේ පොල් පැල ටිකක හිටවපල්ලා.ඒවා වගා කරන්න සල්ලි නැත්නම් මෝඩ පව්කාරයනේ දේවගැති තුමාගෙන් ඉල්ල ගනිල්ලා. අද මහා වැසි ගංවතුර වලින් මුළු දිවයිනම විනාශ වෙලා.ඒ දේව මෑණියන්ට කල අපහාස නිග්‍රහ නිසයි.

අසුචි කන මිනිසුනේ නුඹලාට පුලුවන්ද මෙවැනි හාස්කම් කරන්න .පසුගිය දිනක අසුචි කන ගැනු හොරෙක් ගුවන් විදුලි කීපයක් එකතුකරගෙන දේව ගතිතුමාට අපහාස කිරීම නිසා මානව හිමිකම් එකේ පැමිණිලි කර ඇත.


දේව ගතිතුමාට ගුවන් විදුලියේ බැනපු කාන්තාවන්ගේ බඩවල් පාත්වෙලා අද අන්ත අසරණ තත්වයට පත්ව ඇත.ඇස ඉදිරිපිටම සමහරු වාහන වලට හැප්පිලා පොඩි වෙලා.


විද්‍යුත් මාධ්‍යයෙන් දේව ගතිතුමාට අපහාස කලේ මෙම දේවාලයට ඇවිත් ලක්ෂ 05 ක් හෝ 10 ක් ඉල්ලා එය දීම දේවගැතිතුමා ප්‍රතික්ෂේප කල නිසාවෙනි. මේ වන විට මෙම පාපතරයන්ට විරුද්ධව කොළඹ දිසා අධිකරණයේ D .M .R 442-11 අංක දරන කොටි 50 ක වන්දියක් ඉල්ලා නඩු පවරා ඇත. දේව ගති තුමා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්නය.තවද කට කතා පතුරවපු යටත් කොටි 05 ක් වන්දි ඉල්ලා නඩු පවරා ඇත.

ලිපිය යොමු කලේ : සමන් රත්නායක 
 
සම්පුර්ණ දැන්වීම මෙතනින් 


සම්බන්ධිත ලිපි
 
මිලියන 50 ක වන්දි ඉල්ලා ගාල්තැන්නේ දේවාලයෙන් නෙත් එෆ්.එම්ට නඩු
නෙත් එෆ්.එම් භංග කිරීමට ගාල්තැන්නෙන් විශේෂ පුජාවක්



Related Posts Plugin for WordPress, Blogger...