රටේ සංවර්ධනය වෙනුවෙන් අනර්කලී විවාහය පමා කරයි
Saturday, January 15, 2011මේ සති අන්තයේ රසදුනට එක වෙමින් දකුණු පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා පල කල අදහස් කිහිපයකි මේ.
ඔබ දැන් විවාහ වන වයසේ පසුවන තරුණියක් නේද?
ඔව්. එහෙම වුණත් දැන්ම විවාහ වෙන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. යුද්ධය දිනලා රට සංවර්ධනය කරා යන ගමනේදී රටේ යොවුන් පිරිසට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. රටේ සංවර්ධනය පිළිබඳව ඒකට මමත් කැපවෙලයි ඉන්නෙ.![]() |
අනර්කලී මොන වගේ කෙනෙක්ද?
මම ගොඩක් සංවේදී කෙනෙක්. ඉස්සර ගොඩක් දඟකාරයි. ඒත් දැන් එහෙම නෑ. දැන් මගෙ අදහස් පරිණතයි කියල මට හිතෙනව. ඒ වගේ ම සමාජ සේවයට ගොඩක් කැමැති, මේ රටට ගොඩක් ආදරේ ඇති යෞවනියක්. විදෙස් රටක පදිංචියට යාමට අවස්ථා කොතරම් තිබුණත් එහෙම නොයන්නෙ මේ රටට ඇති ආදරය නිසයි.
දේශපාලන කටයුතු නිසා ඔබ කලාවෙන් ඈත්වෙනවද?
හැබැයි පසුගිය කාලෙ දේශපාලන කටයුතුවලට වැඩියෙන් කාලය යෙදවිය යුතු නිසා කලා කටයුතුවලින් තරමක් දුරස් වුණා තමයි. ඒත් ඒක තාවකාලිකයි. මං කලාවේ හැමදාම රැඳිල ඉන්නව. හැබැයි මම දැන් මහජන නියෝජිත වරියක් නිසා මම බාරගන්න කලා නිර්මාණ පිළිබඳව දෙපාරක් හිතන්න මට සිදුවෙලා තියෙනවා. කලාව තමයි මගේ ජීවිතේ.
සම්පුර්ණ ලිපිය
දකුණු පළාතට සේවය කිරීම කෙසේවෙතත් දැනටත් අනර්කලී ගාල්ලට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගී වන උත්සව වලට සහබාගි වීමට පමණි.