ඩඩ්ලි සේනානායක යලි ඉපදීමේ දිවයින කුමන්ත්‍රණය

ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාගම තුල රජයෙන් පත්කළ සභාපති ලෙස කටයුතු කරන නිමල් වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගේගේ සහෝදරයාය.

උපාලි සමුහ ව්‍යාපාරයේ අතුරුදහන් වූ උපාලි විජේවර්ධන මහතාගේ බිරිද ලක්මිණි විජේවර්ධන විවාහ කරගැනීමෙන් පසුව නිමල් වෙල්ගම හට දිවයින පුවත් පතේ හිමිකාරිත්වය හිමිවිය .


දිවයින පුවත් පත සැමදාම සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනීසිටින නිසා පසුගිය මැතිවරණ වලදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අනාගත ප්‍රතිලාභ උදෙසා සහයෝගය දැක්විය.

එම සහයෝගය නිසාම එහි කතුවරයා වන ගාමිණී සුමනසේකර හට ප්‍රසිද්ද රැගුම් පාලක මණ්ඩල සභාපති කමත් දිවයින පුවත් පතේ සභාපති නිමල් වෙල්ගම ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාගම තුල සභාපති වශයෙන්ද පත්කරන ලදී.

පසුගිය සතියේ කතාබහට ලක්වූ කමල් හසන්ගේ විශ්වරූපම් සිනමා පටය ප්‍රසිද්ද රැගුම් පාලක මණ්ඩලය තුලින් අනුමත කොට තිබීම සහ එය කැබිනට් මණ්ඩලය විසින් තහනම් කිරීමත් සමග ගාමිණී සුමනසේකරගේ සභාපති කම අහිමිවියාමේ හැකියාවක් පෙන්නුම් කල අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාගම තුල වසර ගණනාවක් සිටි ඕස්ට්‍රේලියානු ජාතික ග්‍රෙග් යන්ග් එම තනතුරෙන් ඉවත් කොට ලලිත් ද සිල්වා මහතා පත්කොට ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාගම නැවත ප්‍රතිව්‍යුහ ගත කිරීම සදහා නව සභාපතිවරයෙක් පත්කිරීමට යන බිය මත නිමල් වෙල්ගම මහතා සහ ගාමිණී සුමනසේකර යන දෙදෙනාම තමන්ගේ පුවත් පතේ බලය මහින්ද රාජපක්ෂ වෙත සියුම් ඉදිකටු බලයකින් පෙන්විය යුතු බවට තීරණය කොට තිබේ.


එය සිදුව ඇත්තේ පසුගිය 28 වනදාය. මේ පිළිබඳව පුවත්පතේ ජේෂ්ඨ කාර්ය මණ්ඩලය විරුද්ධත්වය පල කොට ඇතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සෑම දිනකම සවස පුවත් පතේ කතුවරයාට කතා කොට එළබෙන දිනයේ ප්‍රධාන පුවත පවා කියන බැවින් මෙය ඔවුනොවුන් විසදගතයුතු බැවින් එය අමතක කොට දමා රාජකාරි කොට ඇත.

නමුත් පෙබරවාරි පළමුදින දිවයින පුවත් පත සමග නොමිලේ බෙදාහරින ජ්‍යෝතිෂය පුවත් පතේ ප්‍රධාන පුවතකොට මෙය බෙදා හැර ඇත. පුවත පළවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිය වන බවත් මෙය (නිමල්+ගාමිණී) දෙදෙනාම නොදැනුවත්ව ජ්‍යෝතිෂය පුවත් පතේ කතුවරයා පලකල බව කියමින් ගැලවිය හැකි බවත් මසකට වරක් මාධ්‍ය කරුවන් ගෙන්වා සංග්‍රහ කරන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය කරුවන්ට බිය බවත් කුමන්ත්‍රණ කරුවෝ වන ගාමිණී සුමනසේකර සහ නිමල් වෙල්ගම යන අයගේ අදහසයි .

නමුත් පුවත් පතේ සේවයකයින්ගේ අදහසනම් වත්මන් ඉරිදා දිවයින පුවත් පත පිටපත් 30000කට වඩා සත්‍යවශයෙන් නොවිකිනෙන බැවින් බිය නොවිය යුතු බවයි. මන්ද යත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත ජනාධිපතිවරයෙක්ව රැවටීමට යාම යනු මෝඩකමක් බවත් 18 වන සංශෝධනයෙන් දෙවරකට වඩා දුරයේ සිටිය හැකිලෙස සංශෝධනය වී තිබියදී මෙන්ම දුර්වල විපක්ෂයක් සිටියදී එවැන්නක් සිදුවිය නොහැකි නිසාත් 2014 දී පාර්ලිමේන්තුවට පැමිණ වසර දෙකකින් හිටපු ජනපතිනිය මෙන් ජනපති වීමටනම් ඉතිහාසයක් තිබිය යුතු බවත් නිමල් වෙල්ගම මහතා දැන සිටිය යුතුය.

දැන්වත් ජනපතිවරයා මොවුන් ගේ සැබෑ ස්වරුපය ගැන අවබෝධ කොටගෙන නිවැරදි මාවතේ යායුතු බව මතක් කල යුතුය. මක් නිසාද යත් ඉකුත් මැතිවරණයේදී කැළණි රජමහ විහාරයේ නියෝග පරිදි ලක්මිණි විජේවර්දන මහත්මියගේ මග පෙන්වීම යටතේ වක්‍රව සරත් ෆොන්සේකා හට ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නේ නිමල් වෙල්ගමගේ මහතා සහ ගාමිණී සුමනසේකර මහතා වන බැවිනි.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා හට අගමැති වශයෙන් සිටියදී කල උපකාර වලට ප්‍රති උපකාර වශයෙන් එතුමා මොවුන් දෙදෙනාම ලංකාවේ ප්‍රධාන ආයතන දෙකක මුල්පුටුවලට පත් කරන ලදී . නමුත් විෂඝෝර සර්පයින් හිලෑ කිරීමට යාම නුවණට හුරු නොවන බව අපගේනම් අදහසයි.

මෙය පිළිබද ජනපතිවරයා පෞද්ගලිකවම සොයා බලන්නේනම් සත්‍ය වටහා ගත හැකි වන අතර ලේකම් වරුන්ගෙන් විමසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බවද තරයේ මතක තබා ගන්න.


ලියුම්කරු -
ජනපතිට ආදරය කරන දිවයින සේවකයෙක්.

Related Posts Plugin for WordPress, Blogger...