අනවසර ගවමස් වෙළඳසැලක් වැටලීමෙන් තිහාරිය කැළඹේ

ඊයේ දින උදෑසන අත්තනගල්ල ප්‍රාදේශීයසභා බල ප්‍රදේශයේ තිහාරිය නගරයේ හිජ් රා මාවතේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී හරක්මස් වෙළඳසැලක් වටලා තිබෙනවා. 

අත්තනගල්ල ප්‍රාදේශීයසභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා නිට්ටඹුව පොලීසිය විසින් මෙම වැටලීම සිදුකොට තිබෙනවා.වැටලීමට ගිය අවස්ථාවේ ඔවුන්ට දැනගැනීමට හැකිව ඇත්තේ ගවමස් විකිනීමට අදාලව එම ස්ථානය කිසිදු බලපත්‍රයක් ලබාගෙන නොමැති බවය.

එහිදී එම ගව මස් වෙළඳසැලේ හිමිකරු හා වැටලීම සිදුකල පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ තිබුනා. ගවමස් වෙළඳසැලේ හිමිකරු කියා සිටියේ තමා මෙම වෙළඳසල අවරුදු පහළොවක් තිස්සේ කරගෙන ආ බවත් මේ වැටලීම පිලිබඳ ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරන බවය.

එහිදී ගව මස් වෙළදසැලේ හිමිකරු කල කතාව මෙසේය


"මේක අවරුදු ගණන් කරපු කඩේ...දන්නවද..ආපු ගමන් පිහිය ගන්නයි..අරව ගන්නයි..පිහියෙන් කොටන්නයි..මේ නිකන් ජාති භේද අදින්න ඕන නෑ අපිට..මේකට භූමිතෙල් දැම්මොත් ඒගොල්ලොන්ගේ ළමයින්ට හරි කවදාහරි භූමිතෙල් දානවා..එක හිතාගන්න..


අපි අවරුදු පහළොවක් මස් කඩේ කෙරුවා..හරිද? අපි මේ ආණ්ඩුව ආණ්ඩුව කියල මේරුනා..මින් පස්සේ ..... මහත්තය එයිනේ ජන්දයක් ඉල්ලන්න..එතකොට අපි අහගන්නම්..මේක මම කෙලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයට පෙත්සම් දානවා මන්..වීඩියෝ කරන නිසා තමයි මේ කතාව මම කතා කරන්නේ.."

එහි වීඩියෝව බලන්න පහතින්.



වීඩියෝ දර්ශන අනුග්‍රහය හා තොරතුරු අත්තනගල්ල වෙබ් අඩවියෙනි

Related Posts Plugin for WordPress, Blogger...