ප්‍රියංකා චොප්රා සිය ප්‍රථම මියුසික් වීඩියෝව නිකුත් කරයි.
Sunday, February 10, 2013
ඇය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ "In My City" නමින් ඉංග්‍රීසි බසින් යුත් ගීත ඇල්බමයක් නිකුත් කල අතර මීට දින කිහිපයකට පෙර එහි වීඩියෝ ඇල්බමය නිකුත් කලා.
ගීතය ගායනා කරන්නේ ප්‍රියංකා චොප්රා ම වන අතර වීඩියෝවේ පෙනී සිටින්නේද ඇයමය. ගීතය අන්තර්ජාලය වෙත එක් කර දින 4ක් තුලදී මිලියනයකට අධික පිරිසක් එය නරඹා තිබෙනවා.
ප්‍රියංකාගේ මෙම ඇල්බමය සඳහා ඇමරිකානු රැප් ගායකයකු වන විලියම් (Will.I.Am) ද සහභාගී වී තිබෙන අතර එම ගීතය පටිගත කර තිබෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේය.
තමා ගායිකාවක වීම තම පියාගේ සිහිනයක් වූ බවත්, තමා එය සම්පූර්ණ කල බවත් ඇය කියා සිටියා.
එම ගීතය පහතින්.
