ව්‍යාජ මනෝවිද්‍යාඥගෙන් ඒ එස් පී ලියනගේ ට පුන්නක්කු බාල්දියක්

දේශමාන්‍ය ආචාර්ය ඒ. එස්. පී. ලියනගේ යනු ඉඩම් කට්ටි කර විකුණන ව්‍යාපාරිකයෙකි.

ඔහු උසස් පෙළ දක්වා යන්තම් ඉගෙනුමක් ලැබ කාලයක් පන්සල්වල සාමාන්‍ය පෙළ ගණිතය ටියුෂන් පන්ති පැවැත්වූ අයෙකි.

නමුත් ඉඩම් බිස්නස් කිරීමේන් ඔහු ධනය උපයාගත්තේ තම ව්‍යාපාරික දැණුම යොදාගනිමින් ය. ඒ ගැන කිසි අවුලක් නැත. නමුත් ධනවත් වන විට බොහෝ සල්ලිකාරයන්ට උසස් අධ්‍යාපනයක් නොමැති හීනමානය දැනේ.


ඒ නිසා බොහෝ දෙනෙකු වෙබ් අඩවි වල ඇති බොරු විශ්ව විද්‍යාල වලින් ආචාර්ය උපාධි මිලට ගනිති. කලකට ඉහතදී වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් සහ වෛද්‍ය ඇන්ටන් ජයසුරියද ආචාර ධර්ම කඩ කරමින් මෙසේ ආචාර්ය උපාධි අධ්‍යාපනයක් නොමැති නිසා හීනමානයෙන් පෙලන සල්ලිකාරයන්ට දේශපාලකයන්ට විකිණීම කළහ.

ඒ එස් පී ලියනගේ ටද මේ අඩුව දැනුනු නිසාදෝ ඔහු උපදේශන ආචාර්ය උපාධියක් ලංකාවේ ශාස්ත්‍රීය ලෝකයේ කූට සක්විති යන කුප්‍රකට කිරුල දරා සිටින මහාචාර්ය ඩී .එස් රණවක යන නමින් තමන්ව හඳුන්වාගන්නා දොන් සෝමදාස රණවකගේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයෙන් විශාල මුදලක් ගෙවා මිලට ගෙන තිබේ.

මෙහි ඇති ලොකුම විහිළුව නම් ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය පුණ්‍ය ආයතනයක් ලෙස දිළිඳු සහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබෙන ආයතනයක් වීමයි. එසේම ඩී .එස් රණවක යනු ලෝකයේ පිළිගත් කිසිම විශ්ව විද්‍යාලයකින් මනෝවිද්‍යාව හෝ උපදේශනය පිළිබඳව උපාධියක් නොමැති නමුත් ව්‍යාජව MICP , FICP යන බොරු උපාධි තමන්ගේම පුණ්‍ය ආයතනයෙන් තමන්ටම ලියවාගෙන සිටින බොරුකාරයෙකු වීමයි.

කාලෙන් කාලෙට ප්‍රකට ධනවත් පුද්ගලයන්ට දිළිඳු සහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබෙන පුණ්‍ය ආයතනයෙන් උපාධි විකුණා තම කූට ව්‍යාපාරය ගෙනයන ඩී .එස් රණවක නීති විරෝධී ලෙසට මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන බවද හෙළි වී තිබේ. එසේම මොහු ඇතැම් කාන්තා රෝගීන්ට ලිංගික අතවරද කර තිබෙන බව පැවසේ.

වරක් මොහු බොරු උපදේශන උපාධි සහතික පෙන්වා කොළඹ සාන්ත පාවුළු විද්‍යාලයේ සිසු උපදේශන කවයේ සිටි අතර එහිදී සිසුවියකගේ නිරුවත බැලීමට යාම නිසා මොහුව ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් මහත්මිය විසින් පාසල් උපදේශන සේවයෙන් ඉවත් කොට තිබේ. නීති විරෝධී ලෙස මානසික රෝගීන් රඳවාගෙන ප්‍රතිකාර කිරීම පිළිබඳව මොහුට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබුනද පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ටද අල්ලස් වශයෙන් උපාධි පිරිනමා අදාල පරීක්ෂණ යට ගසා තිබේ.

ඔහුගේ අලුත්ම ගොදුර ලෙස නාස් ලනුව දමා ඇත්තේ ව්‍යාපාරික ඒ. එස්. පී. ලියනගේටය. මිට පෙර සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වීජී ජෙගරාජසිංහම් මහත්මියටද , යුද හමුදාවේ සොල්දාදුවන්ට පර පීඩක සමලිංගික හිරිහැර කරන බවට චෝදනා ලබා සිටි ජෙනරාල් ටී ටී ආර් සිල්වාටද මෙසේ හොරට MICP පිනා උපාධි පිරිනමා තිබේ.

ජෙනරාල් ටී ටී ආර් සිල්වා යනු අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් පාසල් අධ්‍යාපනයක් ඇති නිලධාරියෙකි. මොහු වර්තමාන ත්‍රිකුණාමල දිසාපති ලෙස සේවය කරයි. මෑතකදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායකටත් පුණ්‍ය ආයතන බොරු උපාධියක් දී නාස් ලණුවක් දැමීමට රණවක උත්සහ කල නමුත් ඊට පෙර මාධ්‍ය මගින් ඒ ගැන වාර්තා කිරීම නිසා එස් බී දිසානායක විසින් අදාල උපාධිය භාරගෙන නැත.

රණවකගේ ක්‍රියා පිළබඳ අදහස් දක්වන අංගොඩ මානසික රෝහලේ ජේෂ්ඨ මනෝ වෛද්‍යවරයෙකු පවසන්නේ
කිසිම දැනුමක් සහ වෘත්තිය පුහුණුවක් නැති මේ පුද්ගලයන් ජනතාවගේ මානසික සෞඛ්‍යය සමග සෙල්ලම් කිරීම බරපතල ගැටලුවක් බවයි.

වෘත්තිය පසුබිමක් හෝ පිළිගත් විශ්ව විද්‍යාල උපාධියක් නොමැති රණවක මහතා කොළඹ 3, ඇල්ෆ්‍රඩ් ඇවනිව්හි (යාබද ධර්මරාජ මාවතේ ) තම ආයතනය පවත්වාගෙන යමින් පාඨමාලා කරගෙන යනු ලබන අතර MICP , Dip In Counselling , AMPC, ව්‍යාජ මනෝ වෛද්‍ය උපදේශන උපාධි පවා පිරිනමනු ලැබයි. මෙය බරපතල ලෙස මානසික සෞඛ්‍ය පණත උල්ලංගනය කිරීමකි. දැනට හොර දොස්තරවරු 40,000 පමණ රට පුරා සිටින අතර රණවකගේ බොරු උපාධිධාරී ගෝලයන්ද රටපුරා මානසික ප්‍රතිකාර කරති.

ඩී එස් රණවකගේ ප්‍රයෝගයන් සහ ඔහුගේ ව්‍යාජ සුදුසුකම් හෙළිවී තිබීම නිසා ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය විසින් පිරිනමන උපාධි සහතික වල කිසිම අධ්‍යාපනික වටිනාකමක් නැති බවත් මේ නිසා මුදල් අතින් ගෙවා මෙම වංචනිකයාට අසු නොවන ලෙසටත් ශ්‍රී ලංකා මනෝ විද්‍යා ආයතනයේ (Sri Lanka Psychology Association ) විධායක නිලධාරිනියක් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

- සමන්ත කෝනාර


ශාස්ත්‍රීය ලෝකයේ කූට සක්විති ඩී .එස් රණවක සුමන බණ්ඩා දිසානායකට ඉව අල්ලමින්

-සම්බන්ධිත පුවත්-
පිනාචාර්ය කඩයක් මහනුවර- මහාචාර්ය පදවියක් ලක්ෂ දෙකයි


Related Posts Plugin for WordPress, Blogger...