අනුන්ගේ සම්මාන මහ දවල් කොල්ලකන හිරු මාධ්‍ය ජාලය.

යෞවනයේ ජනප්‍රියතම ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා සඳහා සම්මාන ලබාදීමක් පසුගියදා සිදුවුනා.

ඒ කොළඹ ආනන්ද විද්‍යාලය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ සියළුම පළාත් ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදු කළ පාසල් ජනමාධ්‍ය සමීක්ෂණයට අනුවයි.

ජනවාරි 31වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති එම උළෙලේදී රූපවාහිනී හා ගුවන්විදුලි නාලකා සඳහා සම්මාන ලබාදී තිබුනේ මෙලෙසින්.


යෞවනයේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකා:
ජනප්‍රියතම ප්‍රවෘත්ති නාලිකාව – ස්වර්ණවාහිනී
ජනප්‍රියතම අධ්‍යාපනික වැඩසටහන් සහිත නාලිකාව – ජාතික රූපවාහිනිය
ජනප්‍රියතම ආගමික වැඩසටහන් සහිත නාලිකාව – ස්වර්ණවාහිනී
ජනප්‍රියතම ක්‍රීඩා නාලිකාව – CSN
ජනප්‍රියතම විනෝදාත්මක වැඩසටහන් නාලිකාව – හිරු TV
ජනප්‍රියතම ළමා වැඩසටහන් සහිත නාලිකාව – සිරස TV
ජනප්‍රියතම කාලීන වැඩසටහන – දොරමඬලාව (ITN)

යෞවනයේ ජනප්‍රියතම ගුවන්විදුලි නාලිකා:
ජනප්‍රියතම ප්‍රවෘත්ති රේඩියෝ නාලිකාව – හිරු FM
ජනප්‍රියතම විනෝදාත්මක වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – හිරු FM
ජනප්‍රියතම කාලීන වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – නෙත් FM
ජනප්‍රියතම ආගමික වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – නෙත් FM
ජනප්‍රියතම ක්‍රීඩා වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – සිරස FM
ජනප්‍රියතම ළමා වැඩසටහන් සහිත ගුවන්විදුලි නාලිකාව – සිරස FM

නමුත් ABC මාධ්‍ය ජාලය ජනතාව ගොනාට අන්දමින් වසරේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව, වසරේ ජනප්‍රියම ගුවන්විදුලි නාලිකාව හා වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකාව හිරු ප්‍රවෘත්ති ලෙස ත්‍රිත්වයම තමන් දිනාගත් බව ප‍්‍රකාශ කරමින් මිනිසුන් නොමග යවමින් සිටී.

හිරු FM නාලිකාව තුලින් සෑම විනාඩි 30කටම බැගින් ද රූපවාහිනී නාලිකාව තුලින් විටින් විටද තම ජනතාව මෝඩයාට අන්දන්නේ මෙලෙසින්.

"සංදේශය සම්මාන උළෙල 2012 ජනප්‍රිය ජනමාධ්‍ය ත්‍රිත්වයෙන්ම හිරු TV, හිරු FM පිදුම් ලද වගයි....!!
වසරේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාව හිරු TV...
වසරේ ජනප්‍රියම ගුවන්විදුලි නාලිකාව හිරු FM...
වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති නාලිකාව හිරු ප්‍රවෘත්ති....
සියලු ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා අභිබවමින් සංදේශය 2012 සම්මාන ත්‍රිත්වයෙන්ම හිරු යලිත් විශිෂ්ඨත්වයට පත්විය....!!
"

එයින් හැඟෙන්නේ ලබාදී තිබූ සම්මාන තුනෙන් තුනම ABC මාධ්‍ය ජාලය ලබාගත බවයි. එම හඬපටය පහතින්.



සියළුම සම්මාන තමන්ට ලැබුණු බවට හිරු මාධ්‍ය ජාලය ජනතාවට ගොනාට අන්දවන දැන්වීමක් පහතින්.


Related Posts Plugin for WordPress, Blogger...