සුපර් ස්ටාර් තරුණියන් සමඟ නොහොබිනා ලෙස හැසිරීම හා ගංජා මාට්ටුවීම නිසා සිරසේ තොගයක් ඉවතට
Thursday, February 14, 2013
තවත් සේවකයෙකු ඉවත් කර ඇත්තේ මැදිරි සංකීර්ණයේ රූපලාවණ්‍ය කටයුතු වල නියුතු කාන්තාවකට නොහොබිනා දේ පැවසීම නිසාය.
ඊට අමතරව මෙම සිද්ධීන් වලට සම්බන්ධ තවත් 16 දෙනෙකුට පමණ එරෙහිව මේ වනවිටත් විනය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.
මෙම සිද්ධීන් වලට මූලික වී ඇත්තේ මේ දින වල පැවැත්වෙන සුපර් ස්ටාර් තරඟාවලියට සහභාගී වන තරුණියක හා සබඳතාවක් පවත්වමින් අහු මුලු වල පෙම් බස් දෙඩීම නිසා ආයතනයේ සහායක නිෂ්පාදකවරයෙකු සේවයෙන් ඉවත් කිරීම බවයි ගොසිප්9 වෙත වාර්තා වෙන්නේ.
එම ඉවත්කිරීමෙන් පසු ඔහු විසින් බලධාරීන්ට කරන ලද දැනුම් දීමකට අනුව රත්මලාන ප‍්‍රධාන ස්ටයින් මැදිරියේ වීඩියෝ සංස්කරණ කාමරය හදිසි නිරීක්‍ෂණයකට ලක් කර තිබේ.
එහිදී සුපර් ස්ටාර් නිෂ්පාදක වරයා ඇතුළු එහි සේවය කරන පුද්ගලයන්ගේ මේස ලාච්චු වල තිබී ගංජා හමුවී ඇත. අනතුරුව එම සුපර්ස්ටාර් අධ්‍යක්‍ෂ නාලක දයානාත් ගේ වැඩ තහනමට ලක්වී ඇත.
සුපර් ස්ටාර්-5 තරඟයේ නිෂ්පාදක නාලක දායානත්, මීට පෙර සුපර් ස්ටාර් තරඟයේ නිෂ්පාදක වරයෙක්ව සිටි ධම්මික ෆොන්සේකාත්, එම ආයතනයේ සේවකයන් වන දමිත් පෙරේරා, මනුල රාමනායක, සමීර බුද්ධික ආදී සේවකයන් ඉහත හේතූන් නිසා මේ වනවිට වැඩ තහනමකට ලක්වූවන් අතර වේ.
තවමත් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර ඒවායේ නවතම තොරතුරු ගොසිප්9 වෙතින් ඉදිරියේදී බලපොරොත්තු වන්න.
-සම්බන්ධිත පුවත්-
බීමතින් රිය පැදවූ මරික්කාර් වෙනකෙක් බිල්ලටදී බේරෙයි
බීමතින් රිය පැදවූ මරික්කාර්ගේ යට ගැසූ රිය අනතුර (දෙවන හෙළිදරව්ව)
