ලසිත් මාලිංග ගේ අලුත්ම වාහනය

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේසුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග නවතම මෝටර් රථයක් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

ලසිත් මාලිංග වාහන වලට දැඩි ඇල්මක් දක්වන පුද්ගලයෙකු වන අතර මේ වන විට ඔහුගේ වාහන එකතුවේ BMW Series 7 වර්ගයේ වාහනයක්, ප්‍රාඩෝ, ඇතුළු වාහන පහකට ආසන්න ගණනක් ඇත. 


එම වාහන වලින් ඇතැම් වාහන ඔහු වරකට දෙවරකට වඩා භාවිතාකොට නැත. ඒ අනුව ඔහුගේ වාහන එකතුවට එකතු වන නවතම වාහනය වන්නේ මිට්සුබිෂි ලාන්සර් එවලුෂන් X  වර්ගයේ රේසින් මෝටර් රථයකි.

මෙම මෝටර් රථයේ ටර්බෝ බලගැන්වු සිලින්ඩර් හත‍රේ පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ධාවනය කළ හැකි අතර ද්විත් කි‍්‍රයාකාරී ක්ලචයකින් හා ගියර හයක් මාරු කළ හැකි ගියර පෙට්ටියකින්ද (6-Speed twin clutch gear box) යුක්ත වේ.


ඔහු මෙම මෝටර් රථය ගැනීමත් සමග මෝටර් රථ රේසින් තරග සඳහා සහභාගිවීමටද සුදානමක් ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම වසරේ මැද භාගයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරඟයකට ලසිත් මාලිංග සහභාගී වනු ඇත.



Related Posts Plugin for WordPress, Blogger...