පියාගේ අභාවයෙන් පසු කාවිංග දේශපාලනයට

ප්‍රකට වෘත්තීය සමිති නායකයකු හා දේශපාලන ක්‍රියාකාරිකයකු වූ රවීන්ද්‍ර ලාල් පෙරේරා මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. ඔහුටෙලි නාට්‍යය නළු කාවිංග පෙරේරාගේ පියා වේ. 

සිය පියාගේ අවසන් කටයුතු වෙහෙස මහන්සි වී ඉටු කල කාවිංග ඉන්පසුව සිය පියාගේ දේශපාලන ගමන ඉදිරියට ගෙන යාම සඳහා කාවිංග තීරණය කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව කාවිංග පෙරේරා ඉදිරියේදී දේශපාලනයට පැමිණීමට නියමිත බව අප වෙතා වාර්තා වේ.තමාගේ රංගන කටයුතුත් දේශපාලන කටයුතුත් සමබරව කරගෙන යෑම ඔහුගේ අරමුණ වී ඇත. 

පසුගිය කාලයේ අභාවප්‍රාප්ත වූ ලාල් පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව කටයුතු කල අයෙකි. 

රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්කොට පක්ෂය ජයග්‍රාහී මාවතකට ගෙන එම ඔහුගේ එකම අරමුණ විය.

Related Posts Plugin for WordPress, Blogger...