සී.සී.ටී.වී මගඩියෙන් දිල්ශාන් නිදහස් ?
Sunday, January 20, 2013
රේණුකා මහත්මියගේ සැමියා ඉරාකයේ රැකියාවක් කරන අතර ඔවුන් දිල්ශාන්ගේ යාබද නිවාස මිලට ගෙන තිබුනේ ලක්ෂ 505 ක මුදලකටය. පසු කාලයේ රේණුකා මහත්මියගේ සැමියා මෙරටට පැමිණ මෝහතකදී දිල්ශාන් විසින් එම නිවස ලක්ෂ 400 ක මුදලකට මිලදී ගැනීමට කැමති බව රේණුකා මහත්මියගේ සැමියාට පවසා ඇත.
සැමියා එයට කැමති වුවත් රේණුකා මහත්මිය එයට අකමැති වීමේ නිසා අසල්වැසියන් ගේ සිත් අමනාප වී ඇත.ඒ අනුව දිල්ශාන්ගේ නිවසේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවක් තම නිවසේ නාන තටාකය එල්ලවී ඇති බවත් එමගින් තමාගේත් පාසල් වයසේ පසුවන දියණියන් දෙදෙනාගේ පෞද්ගලිකත්වයට හානිවන බව පවසමින් එම කාන්තාව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සිදුකොට තිබුණි.
පසුව පොලිස් පරීක්ෂණ වලදී දිල්ශාන්ගේ නිවසේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය සවිකළ සමාගම ගෙන්වා ඇති අතර ඔවුන්ගෙන් දැනට කැමරා පිහිටා ඇති අන්දම පිලිබඳ විශේෂ වාර්තාවක් ගෙන තහවුරු කරගෙන ඇත්තේ එය එල්ලවී ඇත්තේ දිල්ශාන්ගේ නිවසට පමණක් බවයි.
නමුත් දිල්ශාන්ගේ මෙම කැමරාව රේණුකා මහත්මියගේ නාන තටාකයට එල්ල කර ඇති ආකාරය රේණුකා මහත්මිය විසින් පොලිසියට පැමිණිලි කිරීමත් සමග කැමරාවේ දිශාව දිල්ශාන්ගේ නිවස වෙත පමණක් එල්ලවන ආකාරයට වෙනස් වී ඇති බවද වාර්තා වේ.
එසේ වෙනස් කිරීමට ප්‍රථම ජායාරුපයක් බලන්න පහතින්
